ලංකාවේ ඉන්නේ කටට රසට ටිකක් සැරට කන්න කැමති පිරිසක් නේ.මේ රස කෑම වර්ග ලංකාව පුරාම තියනවා.ලොකු හෝටලයක ,කෑම කඩ වල විතරක් නෙවෙයි පාරේ කෑම කරත්තයේ ඉඳලා ගෙදර කෑම මේසේ වෙනකම්ම මේ රස රස කෑම ජාති ඔබ ට ඕනිවිදියකට රහ බලන්න පුළුවන්.ඔන්න පි කෑම ගැන බඩගිනි හිතන විස්තරෙත් එක්ක පින්තූරත් පහලින් තියෙනවා. බල්ලාම ඉමුකෝ.
1.මාළු මිරිසට උයලා මේ වගේ බත් එකක් කොහොම තියෙයි ද?
2. ගලේ අඹරන ලුණු මිරිසේත් තියෙන්නේ හැමෝම කැමති රහක්.
3.පළතුරු බීම බොන්න කැමති අයගේ ,ප්රියතම බීමක් තමයි දිවුල්
4.එළබටු කිරට උයලා
5.බිත්තර fried rice කියන්නෙත් ලංකාවෙ හරි සුප්රකට කෑමක්
6.හවස් වරුවක උණු උණු එළවලු රොටියක් ලැබුනොත් කවුද එපා කියන්නේ?
7.මේ ලංකාවේ මාළු වලින් හදපු කට්ලට් හා චයිනි රෝල්
8.දාන ගෙදරක එහෙම ගියාම වම්බටු මෝජු නම් අමතක කරන කෙනෙක් නෑ..
9.ඒ කාලේ යාලුවෝ එක්ක පාරාටා පාරක් දාන්න ගියපු නැති කෙනෙක් නම් ඉන්න විදියක් නෑ,
10.කටට රසට හදපු ඉස්සෝ කරිය
11.ශ්රී ලංකාවේ දමිල ජනතාවගේ රසවත් කෑම වේලක් තමයි මේ.
12.බිත්තර ඔම්ලට්
13.උණු උණු පොල් රොටි එක්ක අල තෙල් දාලා
14. බත් පිගානක් සම්පූර්ණ වෙන්න නම් ගොටුකොළ සම්බෝලයක් ඕනිමයි.
15.පොල් රොටි එක්ක ලුණු මිරිස්
16.chicken fried rice එකක් කියන්නේ උයන්න අමාරු වෙලාවට කටට රසට කන්න හොද කෑමක්.
17.පරිප්පු කරිය ත් කෑම වේලක් සම්පූර්ණ කරන්න ඕනිම දෙයක්.
18.හවස් වරුවක තේ එකක් බොන ගමන් කන්න කියාපු කෑම,උළුඳු වඩේ
19.කිරි පැණි
20.මාලු ඩෙවල් එක,බයිට් එකටත් නියමයි.
21.ගමනක් බිමනක් යද්දි පොඩි මුදලකට ගන්න පුලුවන් රස කෑමක්.
22.උණු කිරි තේ කොප්ප්පයක්
23. ආප්පයි ලුණු මිරිසුයි
24.උණු බත් එක්ක ,රස පොල් සම්බෝලයක් තිබ්බොත් හොඳටම ඇති.
25.ලංකාවේ රසට හදන කුකුල් මස් කරිය
26. මේ පිට්ටු
27. සිසිල් බීම ඔක්කොම පරාදයි අපේ තැඹිලි වලට
28.බීට් රූට් කරිය
29.හාල්මැස්සෝ බැදුම
30.ඒ තරම් ප්රසිද්ධ නැතත් මේ ලංකාවෙ රොටී වර්ගයක්
31.මිරිස් මාළු කරිය
32.මේ තව රස කෑමක්,පොලොස්
33.ගොටුකොළ සම්බෝල
34. චිකන් කොත්තු
35.චීස්කොත්තු,තවත් රස කෑමක්
36. එළවළු කොත්තුත් තියෙනවා
37.ගැඹුරු තෙලේ බැදපු කොස් ඇට
38.මඤ්ඤොක්කා පෙති
39. සැරට හදපු දැල්ලෝ
40.උණු උණු සමෝසා
මේ තියෙන්නේ කෑම වර්ග 40ක් විතරයි. තව කොයිතරම් නම් රස කෑම වර්ග අපේ ලංකාවේ තියෙනවාද ? ඒ ගැනත් කියින්න. අපේ රටෙන් ටිකක් දුර ඉන්න අයටනම් දුක හිතෙන්නත් ඇති. ඒත් තව කෙනෙක්ට බලන්න share කරන්න.සුභ දවසක්.!
Connect with us