වැඩි කතා නැතුව ගැටලු 8 ට යමුකෝ.පිලිතුරු ඔක්කොම අන්තිමට තියෙනවා
1.ගැටලු අංක 1
වංශාධිපතියෙකු ඝාතනය කිරීම
ඉරිදා සවස ජෝර්ජ් ස්මිත් ඝාතනය කර ඇති බව සොයාගත්තා. ඒ වෙලාවේ එතැන හිටියේ ස්මිත්ගේ බිරිඳ, ඔහුගේ පෞද්ගලික කෝකියා, ප්‍රධාන සේවකයා , ගෘහසේවිකාවක් හා උයන්පල්ලා කියන පස් දෙනා. ඔවුන් සියල්ලෝම එම සන්ධ්‍යාවේදි කරමින් සිටි දේ රහස් පරීක්ෂක ස්ටීවන්ස් කියන්නේ මෙහෙම,
ස්මිත් මහත්මිය ගිනි උදුන අසල පොතක් කියවමින් සිටියා.කෝකියා උදෑසන ආහාරය ගනිමින් සිටියා .ප්‍රධාන සේවකයා දිවා භෝජන ශාලාවේ සේවකයන්ට උපදෙස් දෙමින් සිටියා.ගෘහසේවිකාව පිගන් පිරිසිදු කරමින් සිටියා.උයන් පල්ලා හරිතාගාරයේ පෑළ වලට ජලය දමමින් සිටියා .
මේ සියලු සංවාදයන්ගෙන් පසුව රහස් පොලිසිය විසින් මිනීමරුවා අත්අඩංගුවට ගත්තා . ඝාතකයා කවුද? ස්ටීවන්ස් අපරාධකරුව සොයාගත්තේ කෙසේද?
2.ගැටලු අංක 2
මෝඩ මිනීමරුවා
රහස් පරීක්ෂකවරයා ,වෛද්‍යවරයකු සමඟ කතා කරමින් සිටියදී,බියට පත් මිනිසෙක් කඩිමුඩියේ දිව විත් , “මගේ බිරිඳට කවුරුහරි වෙඩි තිබ්බා!” යනුවෙන් කෑ ගැසුවා.රහස් පරීක්ෂක ඒ මිනිසාට සියල්ල කියන්නට යැයි පැවසුවා. ක්ලාර්ක් මහතා කියා සිටියේ, තම නිවසේ මෙහෙකරු ඔහුට කතා කරන විට ඔහු වැඩ කරමින් සිටින බවත්, මෙහෙකරු බිරිඳට බිහිසුණු දෙයක්වී ඇති බවත් ඇය දැන් දැඩි සත්කාර ඒකකයේ සිටි බවත් පැවසු බවයි. ඉන්පසු ඔහු රෝහළ වෙතට ගිහින් තිබුණා.ක්ලාර්ක් මහතා සිය කතාව අවසන් කළ විට, රහස් පරීක්ෂකයකු ඔහුව අත්අඩංගුවට ගත්තා.ඇයි රහස් පරීක්ෂකවරයා මෙහෙම කලේ?
3.ගැටලු අංක 3
රුධිර සබඳතා
කෝටිපති පියාට නිවසෙ දී නලලට වෙඩි තබා තිබුණා. රහස් පරීක්ෂකවරයා, කෝඒ ටිපතියාගේ පුතුන් තුන්දෙනා, ජැක්, ජෝන් සහ ජේම්ස් සමඟ කතා කළා.ජැක් කිව්වේ, එම රාත්‍රියේදි තම පියා , ජෝන්, හා ඔහු නිල පිළිගැනීමකට සහභාගි වු බවයි. ඔවුහු නිවසට පැමිණ එහි විසිත්ත කාමරයට ඇතුළු වූණා . ඔහු කියන විදියට පළමුව ඔහුගේ පියා පැමිණියා , පසුව ජෝන් සහ ජැක් පැමිණියා. ඉන්පසු පියා පඩි පෙළ නගින විට ජේම්ස් කාමරයට ඇතුල් වී තම පියා වෙඩි තැබුවා .ජැක් ජැක්ගේ තොරතුරු තහවුරු කළා.ජේම්ස් කියා සිටියේ එදින රාත්‍රියේදි සිය මිතුරන් මුණ ගැසුණ බවයි. ඔහු නිවසට පැමිණි විට පියා දැනටමත් ඒ වෙන විටත් මියගොස් සිටි බවයි.
රහස් පරීක්ෂකයා ක්ෂනිකව හැමදේම තේරුම් ගත්තා. ඝාතකයා කවුද? ඒ රහස් පරීක්ෂකවරයා එම නඩුව ගැටළුව විසඳා ගත්තේ කෙසේද?
4.ගැටලු අංක 4
පැන යාම
එක්තරා රහස් පරීක්ෂකවරයෙකුට පලා ගිය සිරකරුවෙකු සොයා ගැනීමට සිදු වුණා . මෙම නිවාස තුනෙන් එකක අපරාධකරුවෙකු සැඟවී සිටින බව ඔහු දැන සිටියේය. නමුත් අපරාධකරු පහසුවෙන්ම කොටු කර ගැනිම සඳහා නිවැරදි ලිපිනය දැන ගැනීමට ඔහුට සිදු විය. පළමුව, ඔහු drone යාත්‍රාවක ආධාරයෙන් නිවෙස්වල ඡායාරූපයක් ගත්තාඔහු ඡායාරූපය දෙස බලද්දී, අපරාධකරු කොහෙන්දැයි ඔහු ක්ෂණිකව වටහාගත්තා. ඔහු එය සොයා ගත්තේ කෙසේද?
5. ගැටලු අංක 5
ආදරණීය සංචාරය
ක්ලයිඩ් යුවල කඳුකරයට ගොස් සංචාරය කළා. ඒත් දවස් දෙකකට පස්සේ ක්ලයිඩ් මහත්තයා ගෙදර ගියේ තනියම. ඔහු පොලීසියට ගොස් ක්ලයිඩ් මහත්මිය බිමට වැටි ඇගේ මරණය සිදු වු බව පවසා සිටියා.ඊළඟ දවසේ රහස් පරීක්ෂක ස්ටීවන්ස් මහතා ,ක්ලයිඩ් මහතාව ඔහුගේ බිරිඳගේ ඝාතනයට අත්අඩංගුවට ගත්තා. ක්ලයිඩ් ඔහුගේ වරදකාරිත්වය පාපොච්චාරණය කොට ඔහු මිනීමරුවා බව දැනගත්තේ කෙසේදැයි රහස් පරීක්ෂකගෙන් ඇහුවා. ස්ටීවන්ස් කියා සිටියේ ඔහු සංචාරක නියෝජිතයෙක් පමණක් කැඳවා, සමහර තොරතුරු ඉල්ලා සිටි බවත්.ඉතින් එය හරි පහසු වු බවයි.
සංචාරක නියෝජිතයා රහස් පරීක්ෂකයාට පැවසුවේ කුමක්ද?
6.ගැටලු අංක 6
මිත්‍රශීලී ඝාතනයක්
මරියා සහ බෙන් ජීවත් වූයේ ඔවුන්ගේ මිතුරන් 4 දෙනා සමඟ. දවසක් බෙන් ගෙදර පැමිනි විට මරියා සෝෆාව මත මියගොස් සිටුණු දුටුවා. ඔහු පොලිසියට කතා කළා.මරියා ඝාතනයට බොහෝ වෙලාවක් ගොස් නැතිබව ඔහු සොයා ගත්තා.ඔහු නිවසේ සිටි මිතුරන් 4 දෙනාගෙන් ප්‍රශ්න කල විට ඔවුන් දුන්නේ මෙහෙම පිළිතුරු.මියා හිටියේ කුස්සියේ. ඇය පැය දෙකකට පෙර නිවසට ඇවිත් කුස්සියට ගියා.ජෝන් උද්පොයානයේ තක් කියවමින් සිටියේය. ඔහු කියා සිටියේ එදින එම ස්ථානයෙන් පිටව ගොස් නොමැති බවයි.ජෙනිෆර් කියා සිටියේ ඇය පිහිනුම් තටාකයේ පැය 3ක් සිටි බවයි.ජේන් කාමරයේ පින්තාරු කරමින් සිටියා.රහස් පරීක්ෂකවරයා ඔවුන්ගේ දෑත් පරික්ෂා කරලා අපරාධකරු සොයා ගත්තා. ස්ටීවන්ස් අපරාධකාරයා සොයාගත්තේ කෙසේද?
7.ගැටලු අංක 7
රහස් පරීක්ෂකවරයාගේ ඛේදවාචකය
එක් උදෑසනක රහස් පරීක්ෂකවරයා සිය බිරිඳ සමඟ ගැටුමක් ඇති කර ගෙන සිය ජංගම දුරකථනයෙන් සහ යතුරු නොමැතිව නිවසින් පිටව ගියා . සවස් වන විට ඔහු නැවත නිවසට පැමිණෙන විට ඔහු තම සගයෙකු, බියෙන් සිටි බිරිඳ සහ ඝාතනය කළ පුද්ගලයෙක් දුටුවා . ස්ටීවන්ස්ගේ බිරිඳ සිය කතාව කිව්වේ මෙහෙම :
“සීනුව නාද වෙනවා ඇහෙනකොට මම ගෙදර ආලින්දයේ වාඩි වෙලා හිටියේ , මං හිතුවේ ඒ මගේ ස්වාමිපුරුෂයා කියලා. නමුත් අපරාධකරුවෙක් මාව තල්ලු කළා, ඒ නිසා මම පිහියකින් ඇන්නා..”
රහස් පරීක්ෂක වරයා මෙය සැළසුම් කල මිනී මැරුමක් බවත්, බිරිඳව අත් අඩංගුවට ගන්නා ලෙසත් පැමිනි සගයාට නියෝග කරා.
රහස් පරීක්ෂකයා එය තේරුම්ගත්තේ කොහොමද?
8.ගැටලු අංක 8
බොරුකාරයා
එක් මිනිසෙක් පොලීසියට ඇවිත් කිව්වේ , ඔහු වැඩ නිම වී එන විට ඔහුගේ බිරිඳ මියගොස් සිටිණු දුටු බවයි. ඔහු කියන්නේ ඔහුට පෙනෙන විදියට නම් ඔහුගේ පිස්තෝලය මේසයේ ලාච්චුවෙන් අරගෙන ඇය වෙඩි තබාගන්නට ඇති බවයි.පොලීසීය ඔහු බොරු කරන බව සොයා ගත්තා .ඒ කොහොමද?
ඔන්න තියෙනවා පිළිතුරු.
ගැටලු අංක 1
ගැටලු අංක 2
ගැටලු අංක 3
ගැටලු අංක 4
ගැටලු අංක 5
ගැටලු අංක 6
ගැටලු අංක 7
ගැටලු අංක 8
ගැටලු 8න් කියක් විසඳන්න පුළුවන් වුනාද? ඒ ගැනත් කියන ගමන් ,තව කෙනෙක්ට බලන්න share කරන්නත්අමතක කරන්න එපා.සුභ දවසක්!
Connect with us