කාන්තා ශරීරයේ විවිධ ස්තාන වල වැඩෙන රෝම මගින් ඔවුන්ගේ සෞඛ්‍ය පිලිබද හෙලිවෙන දේවල්


ශරීරයේ විවිධ ස්තාන වල වැවෙන අවශ්‍ය අනවශ්‍ය රෝම නිසා කාන්තාවන් බොහෝ විට පීඩා විදිනවා. බොහෝ අය මෙම අනවශ්‍ය රෝම විවිධ ක්‍රම මගින් ඉවත් කරන්න කටයුතු කරනවා. මේ දේවල් සමාන්‍යයි. නමුත්.. කාන්තා ඔබේ සිරුරේ එසේ රෝම වැඩෙන ස්තාන වගෙම වයනය වෙනස් වෙලා තියෙනවා නම් එය යම් සෞඛ්‍ය ගැටළුවක් ඇති බවට වෙන සංඥාවක් වෙන්න පුලුවන්. ඉතින් අපි අද කතා කරන්නේ ඒ ගැනයි..

1. අපේ ශරීරයේ වැඩෙන කෙස් වර්ග ප්‍රධාන කොටස් 2කට බෙදන්න පුලුවන්.


Vellus hair – මෙම රෝම වර්ගය ඉතාම සිහින් හා කුඩා වන අතර සම්පූර්ණ ශරීරයම ආවරණය කරයි. ඒ වගෙම මෙම වර්ගයේ රෝම යන්තමින් තමයි බාහිරට දර්ශනය වෙන්නේ.

Terminal hair – ඉහත සදහන් කෙස් වර්ගයට වඩා මෙම කෙස් වර්ගය ඉතා දිගු, ශක්තිමත්, ඝන සහ තද පැහැයකින් යුක්ත වෙන අතර වැඩි වියට පත් වීමත් සමග ශීග්‍රයෙන් වර්ධනය වෙනවා. අපේ සිරුරේ බරපතල හෝමෝන වෙනස්කම් සිදුවෙන විට වර්ධනය වෙන ආරම්භක හිසකෙස් වර්ගයක් වන මේ වර්ගය ගැන තමයි ඔබේ අවදානය වැඩියෙන් යොමු වෙන්න ඕනේ.

2. ජානමය


වැඩිවියට පත් වීමත් සමගම පිරිමි පුද්ගලයන්ගේ මෙන් යුතු ඝන අඳුරු පැහැ රෝම වල හදිසි වර්ධනයක් කාන්තා ඔබට අත්විදීමට සිදු වෙනවා නම් බොහෝ විට ඒ ජානමය බලපෑමක් නිසා වෙන්න පුලුවන්.

3. ජනවාර්ගික පසුබිම


ඇතැම් අධ්‍යන මගින් හෙලි වී තිබෙන්නේ විවිධ ජනවාර්ගික කණ්ඩායම් වලට අයත් කාන්තාවන්ගේ රෝම වර්ධනය ඔවුන්ගේ ජනවර්ගය මත පදනම්ව වැඩි හෝ අඩු වෙන බවයි. මධ්‍යධරණි හා මැදපෙරදිග කාන්තාවන්ගේ මෙම තත්වය බොහෝ විට වර්ධනය වෙන ස්වභාවයක් තමයි පෙන්වන්නේ.

4. හෝමෝන අසමතුලිතතාවය.


කාන්තා ශරීරයේ පිරිමි හෝමෝන අසමතුලිතතාවයක් නිසා හදිසියේම හිසකෙස් වර්ධනයක් ඇති වෙන්න පුලුවන්. කාන්තා හා පිරිමි යන දෙපක්ෂයටම මෙම හෝමෝන වර්ගය තිබෙන අතර කාන්තාවන් සාපේක්ෂව අඩු මට්ටමක සිටින අතර ඔවුන්ගේ ගැහැණු හෝමෝන වලට සාපේක්ෂව විශේෂ අනුපාතයක් ඇත.

මෙහිදි කාන්තා ඔබේ ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම ඉහල යනවා නම්, ඔබේ ශරීරයේ පිරිමි හෝමෝන මට්ටම වැඩිවෙන අතර එයට අනුව ශරීරය හැසිරීමට පටන් ගන්නවා. ඒවගෙම ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම අඩු වෙනවා නම් ආර්තවහරණ තත්වයක් ඇති වෙන්න පුලුවන්.

5. අධිවෘක ග්‍රන්ථි ආශ්‍රිත ආබාධ.


වකුගඩු වලට ඉහලින් පිහිටා තිබෙන අධිවෘක ග්‍රන්ථි තම කාර්ය නිසි පරිදි සිදු නොකරයි නම් ශරීරයේ හෝමෝන සමතුලිතතාවය වෙනස් වී අධික ලෙස රෝම වර්ධනය වෙන්න පුලුවන්.

අධිවෘක ග්‍රන්ථි ආශ්‍රිත ගැටළු වල වෙනත් ලක්ෂණ.

• අධි රුධිර පීඩනය.
• ඉහල සිරුරේ බර වැඩි වීම.
• ඉතා අඩු හෝ ඉතා අධික රුධිර සීනි මට්ටම.
• හිසේ කැක්කුම.
• මාංශ පේශි දුර්වලතා.

6. Polycystic ovarian syndrome


මෙම රෝගී තත්වයේදිත් කාන්තා ඔබට විශේෂයෙන් මුහුණේ අධික ලෙස රෝම වැවීමේ ගැටළුවට මුහුණ දීමට සිදු වෙනවා. ඒවගෙම ඩිම්බ කෝෂ ආශ්‍රිත ගැටළු ඇති වීමටත් හැකියාව තිබෙන නිසා මෙවැනි තත්වයක් තිබෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු විය යුතුයි.

මෙම රෝගි තත්වයේ තවත් ලෂණ.

• මනෝගතියේ වෙනස් වීම.
• හිසේ කැක්කුම.
• තෙහෙට්ටුව.
• නින්දේ ගැටළු.

7. අසාමාන්‍ය පටක වර්ධනය


මාස කිහිපයක් ඇතුලත ඔබට හදිසියේ අනවශ්‍ය රෝම විශාල ප්‍රමානයක් වැඩීමේ ගැටළුවට මුහුණ දීමට සිදු වෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙන්න. මෙසේ හදිසියේ රෝම වර්ධනය ඉහල යාම ආන්තික ටෙස්ටෙස්ටරෝන් මට්ටම ඉහල යාම පිලිබද සංඥාවක් වගේම සමහර පටක වල යම් ආකාරයක ආසාමාන්‍ය වර්ධනයක ප්‍රතිඵලයක් වෙන්න පුලුවන්. මෙම තත්වය ඉතාම සුලබ නොවුනත් කල්තියාම පරික්ෂා කර ගැනිම නුවනට හුරුයි.

ඔබත් ශරීරයේ අනවශ්‍ය ලෙස රෝම වැවීමේ ගැටළුවෙන් පීඩා විදිනවද? ඒ සදහා ඔබ කරන පිලියම් මොනවද? තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න. ඔබට සුබ දවසක්…

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
8
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
4
ලස්සනයි
විකාරයි විකාරයි
6
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
4
ඇඩෙනවා
වටිනවා වටිනවා
45
වටිනවා

කාන්තා ශරීරයේ විවිධ ස්තාන වල වැඩෙන රෝම මගින් ඔවුන්ගේ සෞඛ්‍ය පිලිබද හෙලිවෙන දේවල්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!