බොහෝ වැඩිහිටියන් වයස 50-60 ඉවර වෙනවාත් එක්කම දැන් මගේ ජීවිතේ ඉවරයි කියල කායිකව වගෙම මානසිකවත් කඩාගෙන වැටෙනවා. නමුත් හිතෙන් ශක්තිමත්ව නොවැටී ඉන්නවා නම් නම් වයසට යන වේගය අඩාල කරන්න පුලුවන් වගෙම ජීවිතේ නිදහස්ම කාලය, ඒ කාලය බවට පත් කර ගන්නත් පුලුවන්. මේ පහලින් ඉන්නේ වයස කියන්නේ අංකයක් විතරයි, එයට ජීවිතේ පාලනය කරන්න බැහැ කියලා ඔප්පු කරලාම පෙන්වපු පිරිසකුයි.
1. වයස අවුරුදු 68ක් වන Greta Pontarelli ලෝක pole art ශූරියක් වෙනවා වගෙම තවමත් ඉතාම සුන්දර පෙනුමකින් ඉන්නවා.
2. Grey Gunners කියන්නේ ෆින්ලන්තයේ පළමු වෘත්තිය ජ්යෙෂ්ඨ CS: GO කණ්ඩායමයි.
3. වයස අවුරුදු 84ක් වන ජපන් DJ Sumirock ගිනස් ලෝක වාර්තාවකටද උරුමකම් කියනවා.
4. 70 වන වියේ සිටියත් තවමත් පිහිනුම් තරග වලට සහභාගි වෙන Roger Allsopp.
5. 56 හැවිරිදි කඩවසම් Anthony Varrecchia.
6. පොලිස් නිලධාරිනියක වශයෙන් කටයුතු කල Annabel Davis වයස අවුරුදු 60 දී නිරූපණ ශිල්පිනියක බවට පත්ව සිටිනවා. ඔබේ සිහින සැබෑ කර ගැනීමට තවමත් ප්‍රමාද නැහැ.
7. 68 හැවිරිදි DJ ශිල්පිනි Ruth Flowers. ඇය ලෝකයේ සෑම මහාද්වීපයකම තම ප්‍රසංග පවත්වා තියෙනවා.
8. 60 හැවිරිදි Annette Larkins ඇගේ අපූරු ශරීර හැඩය නිසා ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යන කාන්තාවක් ලෙස ප්‍රසිද්ධවී තියෙනවා.
9. 85 හැවිරිදි Doris Long ට ගොඩනැගිලි තරණය කරන්න ඇගේ වයස අදාලම නැහැ වගේ.
10. 69 හැවිරිදි Tziporah Salamon විලාසිතා නිර්මාන ශිල්පිනියක, නිරූපිකාවක සහ මෝස්තර ශිල්පිනියක වශයෙන් කටයුතු කරනවා.
11. Charles Eugster වයස අවුරුදු 85 දී ශාරීරික වැඩපිලිවෙලක් ආරම්භ කල අතර ශාරීරික සම්මාන 100කට අධික ප්‍රමානයක් මේ වන විට දිනාගෙන සිටිනවා.
12. 82 හැවිරිදි Elizabeth Cameron Dalman ඕස්ට්‍රේලියාවේ හොදම නර්තන ශිල්පිනියන්ගෙන් කෙනෙක් වනවා. මේ ඡායාරූපයේ ඇය සිටින්නේත් එවැනි නර්තන උලෙලකයි.
13. Gao Minyuan 67 හැවිරිදි වියෙන් පසුව තනිවම මෙම ක්‍රීඩා කටයුතු ඉගෙනීම ආරම්භ කර තිබෙනවා.
14. 53 හැවිරිදි T.R. Pescod නිර්මානකරුවෙක්, නිරූපන ශිල්පියෙක් සහ නළුවෙක් වනවා. ඔහුගේ පෙනුමත් එන්න එන්නම වැඩි වෙන බවක් තමයි දකින්න ලැබෙන්නේ.
15. 50 හැවිරිදි Chuando Tan. ඒත් පෙනුම නම් අවුරුදු 25ක් වගෙයි.
ඔබට සුබ දවසක්…
Connect with us