සාර්ථක මනුස්සයෙක් වෙන්න නම් මේ වගේ ශරීර භාෂාව ටිකක් හරි දැනගන්න ඕනෙ


 

වචන වලට වඩා බොහෝ දේවල් කියන, අපේ ශරීරයේ භාෂාවක් තියෙනවා. මෑතකාලීන අධ්‍යනයකින් පෙනී ගියේ මේ නොබැදි සංඥා භාවිතයෙන් සන්නිවේදනය කරන්නේ කොහොමද කියලා දැන සිටින පුදගලයන්ගෙ මානසික මට්ටම ඉහල මට්ටමක පවතින බවයි. ඉතින් අපි අද මේ ශරීර භාෂා පුරුදු පිලිබද ඔබව දැනුවත් කරන්නයි හදන්නෙ.

  1. සෘජුව වාඩි වෙන්න.

උරහිස් එල්ලා වැටෙන සේ පුටුවේ වාඩි වී, ඔබේ වැලමිටි මේසයමත තබාගෙන ඔබේ අතින් මුහුණ වසාගෙන සිටීම අශෝභන ලකුනක් වෙනවා. කවුරුන්හෝ කියන දෙයක් ඇසීමට කැමැත්තක් හා උනන්දුවක් නැති බව ඉන් අදහස් කරයි. ඊට ප්‍රතිවිරුද්ධව, ඔබ පුටුවේ පිටුපසට සෘජු වී උරහිස්ද පිටුපසට කරගෙන සිටිනවා නම්, එමගින් ඔබට හොද ආත්ම විශ්වාසයක් ඇති බව පෙන්වයි. මෙය ඉතා බලසම්පන්න ඉරියවුවකි. මතක තියා ගන්න ඔබේ ශරීරරය වඩා වැඩි ඉඩක් ගනී නම්, ඔබ වඩා සාර්ථක වෙනවා. කවදාවත් ඔබ පෙනුමෙන් කුඩා හෝ ශක්තියෙන් අඩුයි කියලා පෙන්විමට උත්සාහ කරන්න එපා.

 

  1. ඉඟි නිවැරදිව භාවිතා කරන්න.

ඔබ ඔබේ අභිනයන් අතිශයෝක්තියට නංවා තිබේ නම්, මිනිසුන් ඔබ බොරු කියනවා හෝ ඔබ යමක් සැඟවීමට උත්සාහ කරනවා යැයි සිතන්නට පුලුවන්. ඒ නිසා ඔබට සැගවීමට කිසිවක් නැති ආකාරයට දෑත් නිසියාකාරව විහිදවමින් ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.

 

  1. විවෘත දෑත්.

ඔබ දෑත් බැදගෙන සිටිනවා නම් එයින් එක සංඥාවක් පැහැදිලි වෙනවා. “මම නම්‍යශීලි නොවේ, ඔබ පවසන දේ සමඟ මම එකඟ වෙන්නේ නැහැ” කියලා. ඔබ සිනාසෙමින් සිටියත්, කකුල් හා දෑත් බැදගෙන සිටින ඉරියවුව එතරම් සුදුසු එකක් වෙන්නෙ නැහැ.

 

  1. ඔබේ හිසකෙස් ස්පර්ශ කරන්න එපා.

ඔබ නිතරම කොණ්ඩය ස්පර්ශ කරන කෙනෙක් නම්, එය සමග නිතරම සෙල්ලම් කරන කෙනෙක් නම් හෝ අන් අය සමග කතා කරන විටද එය සකස් කිරීමට උත්සාහ කරන කෙනෙක් නම් ඒ නරක පුරුද්ද දැන්මම අත හරින්න. එයින් පෙන්වන්නේ ඔබේ අනාරක්ෂිතභාවය හා අවදානය අඩු කමයි. ඒ නිසා හිසකෙස් ස්පර්ශ කිරීමෙන් වැලකී ස්වභාවික ලෙස සන්නිවේදනය කිරීමට උත්සාහ කරන්න.

 

  1. සිනහව.

ඔබ නිතරම සිනහවෙමින් සිටියට එයින් අදහස් වෙන්නේ නැහැ ඔබ ශක්තිමත් චරිතයක් කියලා. ඒ නිසා නියමිත ස්තානයේදී සිනහවෙමින්, නියම වෙලාවට ඔබ වටා ඇති තත්වය පාලනය කිරීමට දක්ශ වුවහොත් කොතරම් දුෂ්කර අවස්තාවක්දි වුනත් ඔබට සන්සුන්ව සිටීමට හැකියාව ලැබෙනවා.

 

  1. අක්ෂි සබඳතාව.

ශරීර භාෂාවෙන් ඉගෙන ගැනීමට තියන වඩාත්ම වැදගත් දෙය මෙයයි. ඉතා අධික අක්ෂි සබදතාවයක් පවත්වාගෙන යන විට අනෙක් පාර්ෂවකරුව ඉන් තැති ගැනීවිමට හැකි අතර ඔබේ අනාරක්ෂිත බව නිසා ඔවුන්ගේ සියලු අභිනයන් හා වචන ඔබට අල්ලා ගැනීමට අවශ්ය බව ඉන් අදහස් වෙයි. කෙසේ වුවත් ඔබට අක්ෂි සබදතාවය මගහැරීමටද පුලුවන්. එමගින් ද පණිවිඩයක් යවයි. “ඔබට සැගවීමට යමක් තියෙනවා”. ඒ නිසා නිවැරදි පණිවිඩයක ලබා දීමට නම්, ඇස් දෙස බැලීමේදී ස්වභාවික අක්ෂි සබදතාවයක් පවත්වාගෙන යාමට උත්සාහ කල යුතුයි.

 

  1. දැඩි අතට අත දීම.

දුර්වල අතට අත දීමක් සුදුසු වෙන්නේ නැහැ. එමගින් අදහස් වෙන්නේ නැහැ අස්ථි බිදී යන ආකාරයට අත අත දිය යුතුයි කියලා. ඒ නිසා කවුරුන් හෝ ඔබට අතට අත දෙන විට එය ස්ථිරවම කරන්න. ස්ථිර අතට අත දීමක් මගින් ආත්ම විශ්වාසය හා ආරක්ෂාව පිලිබද පණිවිඩයක් ලබා දෙනවා.

මේ කරුණු වලින් ඔබට යමක් ඉගෙන ගැනීමට ලැබුනා නම්, ඔයාගේ යහලුවන් අතරත් බෙදා ගන්න. ඔයාගේ අදහසුත් අපිට කියලා යන්න.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
5
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
11
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
30
ලස්සනයි
විකාරයි විකාරයි
19
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
18
ඇඩෙනවා
වටිනවා වටිනවා
282
වටිනවා

සාර්ථක මනුස්සයෙක් වෙන්න නම් මේ වගේ ශරීර භාෂාව ටිකක් හරි දැනගන්න ඕනෙ

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!