වෙන කොහේවත් නැති ඕස්ට්‍රේලියාවේ විතරක් වෙන ඔලුව තෝන්තු කරවන දේවල්


ඕස්ට්‍රේලියාවේ තියෙන අවුල්ම දේ විදියට ගොඩක් අය අතර ප්‍රසිද්ධ භයානක සර්පයෝ වැඩි වශයෙන් සිටීමනේ.. ඒ වුනාට ඕස්ට්‍රේලියාවේ තියෙන එකම අවුල් සහගත දේ ඒක නෙමෙයි… ඉසෙල්ලම මේ පහලින් තියෙන පින්තූර ටික බලන්න. ඊට පස්සේ ඔබට තේරෙයි…

1. හැම තැනකම කැන්ගරුවො ඉන්නවා…

 2. 90 ° F ට වඩා අඩු උෂ්ණත්වයක් තියෙනකොට සීතල දරා ගන්න බැරි අයට මෙහෙම තමා ඉන්න වෙන්නේ.

 3. රස්නේ කාල වලදී හැමෝගෙම මිතුරා බවට පත් වෙන්නේ වායු සමීකරණ යන්ත්‍රය සහ විදුලි පංකායි ..

 4. ඔබට වායු සමීකරණයක් නැති නම් මේ වගේ විකල්ප අත්හදා බලන්න පුලුවන්..

 5. උණුසුම වැඩි කාල වලදී සීට් බෙල්ට් එක පවා උණුසුම් යකඩයක් බවට පත් වෙනවා.

 6. ඕස්ට්‍රේලියාවේ සමහර අය ඇදුම් පැලදුම් විතරක් නෙමෙයි සපත්තු පවා ශීතකරණයේ තියනවා.

 7. අධික උෂ්ණත්වය හේතුවෙන් පාරවල් වල තාර පවා උණු වෙනවා.

 8. දෙපැත්තෙම ටැප් වලින් එන්නේ උණුසුම් වතුරයි..

 9. 2011 සංගණනයේ දී, ඕස්ට්‍රේලියානුවන් 64,390 දෙනෙක් තම ආගම බවට “ජෙඩි” පිලිගෙන ඇති බැවින් මේ වන විට එම ආගම නිල වශයෙන් ඕස්ට්‍රේලියානු ආගම් ලැයිස්තුවට ඇතුලත් කර තියෙනවා.

 10. ඕස්ට්‍රේලියානු පොලිසිය බොහොම විනෝදකාමී නිලධාරීන්ගෙන් සමන්විත වුනත්, ඔවුන් කිසිම විටක ඔබට වේග සීමා කඩන්න නම් ඉඩ දෙන්නේ නැහැ.

 11. මකුළුවන් පවා උෂ්ණත්වයෙන් ගැලවීමට හැකි සෑම දෙයක්ම කරනවා.

 12. කොහොම වුනත් ඕස්ට්‍රේලියාවේ සමහර සත්තු නම් බොහොම හුරුබුහුටියි වගෙම මිත්‍රශීලියි.

 13. සමහර අය නම් උපරිමයෙන්ම හුරුබුහුටියි වගෙම මිත්‍රශීලී.

 14. ඒවගෙම සමහර අය නම් නිතරම බොහොම කුතුහලයෙන් ඉන්නේ.

 15. සමහර අවස්තා වලදී ඔබට සැබෑ ආගන්තුකයෙකුගේ අනතුරුදායක තත්වයන් වලට මුහුණ දීමට සිදු වෙනවා.

 16. ලොකයේ විශාලතම ගව ගාල ඕස්ට්‍රේලියාව සතුය. එය ඇනා ක්රීක් මධ්යස්ථානය ලෙස හදුන්වන අතර එය ඊස්‍රායලයටත් වඩා විශාලය.

 17. ඕස්ට්‍රේලියාවේ සර්පයොයි මකුළුවොයි ගැන අමතක කරන්නකෝ. මත්පැන් පානය කර සටන් කරන ඌරෙකුට මුහුණ දෙන්න සිදු වුනොත් කොහොමද? වරක් කදවුරකින් බියර් කෑන් 18ක් සොරකම් කල පානය කල ඌරෙක් මත් වී ගවයකු සමග සටනකට එලඹී තියෙනවා.

 18. 1859 දී, ඕස්ට්‍රේලියාවේදී හාවන් 24 දෙනෙක් නිදහස් කල අතර ඉන් පසුව එම ගණන හාවුන් බිලියන ගණනක් දක්වා වර්ධනය වුනා.

 19. ඕස්ට්‍රේලියාවේ ඕනෑම ස්තානයකදි ඔබව සර්ප ප්‍රහාරයකට ගොදුරු විය හැකියි.


20. වර්ෂ 1970 දී ලෙනාඩ් කාස්ලි නම් ගොවියෙකු තම ගොවිපල ස්වාධීන රටක් වන Hutt River Province බවට පත් කලා. එම පලාතට තමන්ගේ මුදලක් සහ රජයක් පවතිනවා.

ඕස්ට්‍රේලියාව ගැන ඔබ දන්න තවත් අලුත් තොරතුරු තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න. සුබ දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
13
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
20
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
58
ලස්සනයි
විකාරයි විකාරයි
49
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
43
ඇඩෙනවා
වටිනවා වටිනවා
345
වටිනවා

වෙන කොහේවත් නැති ඕස්ට්‍රේලියාවේ විතරක් වෙන ඔලුව තෝන්තු කරවන දේවල්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!