දවල් හීන හා පූජකතුමා


මීට බොහෝ කලකට පෙර එක්තරා පූජකයෙක් වාසය කළා. මේ පුජකතුමා ඉතා දුප්පත් සහ ඉතා කම්මැළි කමෙන් තමයි ජීවත් වුණේ. ඔහුට කිසිම ඕන කමක් තිබුනේ නැහැ ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න කවදා හරි දවසක පොහොසත් කෙනෙක් වෙලා හොදින් ජිවත් වෙන්න සිහින මැව්වා.. මොහු තමාගේ කෑම සොයාගත්තේ ගෙවල් ගානේ පිණ්ඩපාතේ ගිහින් තමයි.

දවසක් උදේ මේ පුජකතුමා පිණ්ඩපාතේ යන අතරතුර දානේ විදියට කිරි වලින් පිරුණු මුට්ටියක් ලැබෙනවා. දැන් පුජකතුමාට මාරම සතුටුයි මෙහෙම කිරි මුට්ටියක් තමන්ට ලැබුණු එක ගැන. ඉතිං මේ කිරි මුට්ටියත් අරගෙන ඉක්මනින් මොහු තමන්ගේ ගෙදරට ආවා.

ඇවිත් හනි හනිකට ලිප එහෙම පත්තු කරලා කිරි මුට්ටිය උණු කරගත්තා. පස්සේ ඒකෙන් කිරි තේ ඒකක් හදාගෙන බීලා ඉතුරු කිරි ටිකට ගෙදර තිබුන මුදවපු කිරි ටිකක් අරගෙන දැම්මා.

එතකොට ඉතින් ඒ ඉතුරු උන කිරි ටිකත් මුදවපු කිරිම වෙනවනේ. එහෙම කරලා කිරි මුට්ටිය පැත්තකින් තියලා පුජකතුමා පොඩ්ඩක් නිදාගන්න ඕනේ කියල හාන්සි උනා. කම්මැලියනේ කොහොමත්.

ඔන්න දැන් හාන්සි වෙලා ඉන්න ගමන් හිතන්න ගත්තා අර කිරි හට්ටිය ගැන… ඒ වගේම සිහින මවන්න පටන් ගත්තා කවදා හරි දවසක ඔහුට ලොකු පොහොසතෙක් වෙන්න පුළුවන් උනොත් දැන් මේ ගෙවන කිසිම වැදගැම්මකට නැති ජීවිතෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා. එත් එක්කම ඔහුට දැන් කල්පනා වෙනවා අර මුදවපු කිරි හැදෙන්න තියලා තිබෙන කිරි මුට්ටිය ගැනත්. ඔහු සිහින මවනවා දිගටම. “උදේ වෙනකොට කිරි මුට්ටියම මුදවපු කිරි බවට පත්වෙලා තියෙයි. එතකොට ඒ කිරි වලින් මට බටර් හදන්න පුළුවන් වෙයි. ඒ බටර් උණු කරලා ගිතෙල් හදනවා. ඊට පස්සේ මන් ඒ ගිතෙල් ටිකත් අරගෙන යනවා විකුණන්න.

“ ඒ ටික විකුණලා මං සල්ලි ටිකක් හොයාගන්නවා. ඒ සල්ලි වලින් මන් ගන්නවා හොඳ කිකිළියක්.. ඊට පස්සේ ඒ කිකිළි ගොඩක් බිත්තර දායි. ඒ බිත්තර වලින් ගොඩක් කුකුළු පැටව් බෝ වෙයි. ඒ කුකුළු පැටවුන්ගෙන් සිය දහස් ගණනක් තව බිත්තර ලැබෙයි. ඊට පස්සේ මම ලොකු කුකුල් ගොවිපොලක අයිතිකාරයෙක් තමයි.” ඉතින් ඔය විදියට මේ පුජකතුමා දිගටම හිතාගෙන හිතාගෙන යනවා. ඉවරයක් නෑ ඉතින්…

පස්සෙ මේ පුජකතුමා හිතන දේ බලන්න… එයා හිතනවා “ගොවිපොලේ ඉන්න ඔක්කොම කුකුළන් ටික විකුනනවා. විකුනලා ගන්නවා හොඳ එලහරක් ටිකක් . (කොහොමද ටිකිරි මොලේ ). පස්සේ මගේම කියලා කිරි නිශ්පාදනාගරයක් පටන් ගන්නවා. එතකොට මේ නගරයේ ඉන්න ඔක්කොම මිනිසුන් කිරි මිලදී ගන්න එන්නෙ මගෙන් තමයි. අන්න එහෙම මම ලොකු පෝසතෙක් වුන ගමන් මට ඕන කරන ඔක්කොම ඇඳුම් පැළඳුම්, රන් ආභරන ඔක්කොම මිලදී ගන්නවා. මම ඒතරම් පෝසත් නිසා මට පුලුවන් හොඳ පෝසත් පවුලකින් ලස්සන සුදු ගැහැණු ළමයෙක් එහෙම හොයාගෙන හොඳ කසාදයක් කරගන්න. ඊට පස්සේ අපි දෙන්නට ලස්සන කොලු පැටියෙක් හම්බවෙයි.. හැබැයි අපේ ඒ කොල්ලා දඟ වැඩ කරන නාහෙට අහන්නෙ නැති එකෙක් උනොත් එහෙම මන් එයාට උගන්නනවා හොඳ පාඩමක්. ලොකු වේවැලක් අරගෙන තලනවා එයාට”.

මෙහෙම හීන දකිමින් ඉන්නකොටම එයා ඉබේම එයාගෙ ඇඳ ළඟ තිබුණු කෝටුව අරගෙන පුතාට ගහනවා කියලා හිතාගෙන අර කිරි මුට්ටියට ගහගෙන ගහගෙන ගියා.. අපරාදෙ ඉතින්.. මුදවන්න කියලා තිබුණ කිරිමුට්ටිය කැඩිලා බිඳිලා ගියා.

ආදර්ශය

හැමදෙයක්ම ආරම්භ වන්නේ එක්තරා හීනයකින් කියලා කියමනක් තියෙනවා.ඒක ඇත්ත.ඒත් කිසි දෙයක් නොකර මහන්සි නොවී දවල් හීන බල බලා ජීවත් වෙන එකෙන් කිසිඳු පලක් නෑ.ඔබේ මහන්සිය හා උත්සහය තමයි දිනක ඔබේ ජයග්‍රහණයට හේතුව.

මේ වගේ දේවල් හැමදාම බලන්න කැමති අය ඉන්නවනම් අපිව Save කරගෙන තියාගන්න : මෙතනින් Save කරගන්න
(ඔබ එක සැරයක් හෝ මෙය කර ඇත්නම් තව සැරයක් කලයුතු නැත.)

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
5
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
11
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
39
ලස්සනයි
විකාරයි විකාරයි
12
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
11
ඇඩෙනවා
වටිනවා වටිනවා
172
වටිනවා

දවල් හීන හා පූජකතුමා

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!