සෑම කාන්තාවකටම අද්විතීය වුනු ලස්සනක් තියෙනවනෙ. ඉස්සර නම්, මහත ශරීරයක් තියෙන කාන්තාවන්, පැහැපත් බවෙන් අඩු කාන්තාවන් අවලස්සනයි කියලා කිව්වට මේ වෙනකොට ඒ අදහස වෙනස් වෙලා තියෙනවා. මොකද රූපලාවන්‍ය උපක්‍රම මගින් ශරීරයේ ඕනේම අඩුපාඩුවක් සැගවීමට දැන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඕනේම කාන්තාවකගේ ශරීරයේ හැඩයන් අවදාරනය කර පෙන්වීම මගින් පරිපූර්ණ සුන්දරත්වයක් මතුකර ගන්න ක්‍රමත් තියෙනවා.
ඉතින් තරබාරු සිරුරක් තියෙන ඔබ, ශරීරය සිහින් කර ගන්න ජිම් වලපැය ගණනාවක් ගත කරන්න වුවමනා වෙන්නේ නැහැ. මෙන්න තියෙනවා ඒ සදහා සරල උපක්‍රම කිහිපයක්.
1. Spanx.
Spanx කියන්නේ තරබාරු සිරුරක් වේගයෙන්, පහසුවෙන් හා අඩු පිරිවැයකින් සිහින් කරලා පෙන්වන්න පුලුවන් මැජික් උපක්‍රමයක්. ඒ විතරක් නෙමෙයි මෙමගින් ඔබේ ශරිරයේ තියෙන හැඩයනුත් හොදින් මතු කරලා පෙන්වනවා.
2. High-waisted leggings/jeans/pants.
ඉදිරියට ආපු උදරය ගැන දැන් පොඩ්ඩක්වත් වද වෙන්න වුවමනා නැහැ. high-waisted jeans මගින් ඔබේ ඉඟටියේ වක්‍රය අවදාරණය කර පෙන්වනවා විතරක් නෙමෙයි උදරයත් සගවා ගන්නවා. මේත් සමග කෙටි බ්ලවුසයකින් හෝ T – ශර්ට් එකකින් සැරසුනොත් ඔබේ පෙනුම පරිපූර්ණයි.
3. කලවා වල තරබාරු බව ඉවත් කරන කෙටි කලිසම්.
කලවා ප්‍රදේශය තියෙන තරබාරු බව මකා දමන්න හොද ක්‍රමයක් තමයි biker shorts හෝ thigh-slimming shorts ඔබේ ගවුමට හෝ සායට යටින් ඇදීම. මෙමගින් ශරීරයේ මධ්‍ය ප්‍රදේශය දැඩි කරනු ලබනවා. මෙවැනි කෙටි කලිසම් වර්ග ඔබට දැරිය හැකි මිලකට ඕනෑම රෙදි පිලි සාප්පුවකින් මිලදී ගන්න හැකියාව තියෙනවා.
4. ස්විටර්ස් කලිසමට/සායට යටකර ඇදීම.
ස්වීටර් එකක්, T – ෂර්ට් එකක් හෝ වෙනත් ඕනෑම ආකාරයේ ලිහිල් ටොප් එකක් අඳින විට එය කලිසමට හෝ සායට යට කර අදින්න. එවිට ඔබේ ඉගටිය සිහින් වී ශරීරයේ හැඩයන් ද මතු වෙලා පෙන්වනවා වගෙම ඔබේ පෙනුමත් සුන්දර වෙනවා.
5. ඔබේ පාද දිගු කර පෙන්වීමට ඉඟටියට බෙල්ට් එකක් පලදින්න.
ශරීරයේ හැඩයන් හොදින් මතුකර පෙන්වන තවත් ක්‍රමයක් තමයි ඉඟටිය ප්‍රදේශයට බෙල්ට් එකක් පැලදීම. එමගින් ඔබේ පාද දිගු වී ඇති ආකාරයක් මවා පාමින් ශරීරයේ තරබාරු බව සගවා ගන්නවා.
6. ශරීරයේ වක්‍ර සඟවන්න එපා.
ඔබේ ශරීරයේ අනෙක් අංගෝපාංග කොතරම් සුන්දර වුවත් ඔබ ශරීරයේ වක්‍ර සඟවා ගන්නවා නම් පරිපූර්ණ සුන්දරත්වයට එය බාධාවක්. ඒ නිසා ශරීර ප්‍රමානයට වඩා ඉතා විශාල ඇදුම් භාවිතය නතර කර ශරීරයේ හැඩයන් මතුකර පෙන්වන ඇදුම් තෝරා ගන්න.
ඔබට සුබ දවසක්..
Connect with us