දිනපතාම කජු මද 4ක් කෑවොත් ඔබේ ශරීරයට සිදුවෙන පුදුමාකාර දේවල්


කජු වල තිබෙන කිරි සහ බටර් මිශ්‍ර මිහිරි රසය නිසාත් එහි අපූරු හැඩය නිසාත් බොහෝ දෙනෙක් කජු ආහාරයට ගන්න විශාල කැමැත්තක් දක්වනවා. නමුත් රසයට අමතරව ඔබට විශ්වාස කල නොහැකි අන්දමේ විවිධ පෝෂ්‍ය පදාර්ථ රාශියක් කජු තුල අන්තර්ගත වෙනවා. එමගින් ඔබේ ශරීරයට හිමිවෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ප්‍රමානයත් මෙතෙකැයි කිව නොහැකියි. අපි අද ඔබට කියන්නේ දිනපතාම කජු ඇට 4ක් ආහාරයට එකතුකර ගැනීමෙන් ඔබට හිමිවෙන විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ පිලිබදවයි.

1. ඔබේ සම දිලිසෙන්නට පටන් ගන්නවා.

කජු යනු ඔබේ සමට හිතකර තඹ සහ ප්‍රතිඔකිස්කාරක වලින් පොහොසත් ඇට වර්ගයකි. ප්‍රතිඔක්සිකාරක වයසට යාමේ සලකුණු අඩු කරන අතර තඹ සහ අනෙකුත් එන්සයිම මගින් ඔබේ සමේ ප්‍රත්‍යාස්ථතාව වැඩි කිරීමට හේතු වන කොලජන් නිෂ්පාදනය කරනු ලබයි.

2. ඔබ් අසනීප වීමේ වාර ගණන අඩුවනු ඇත.

කජු සින්ක් සදහාද වඩා හොද ප්‍රභවයකි. ප්‍රතිශක්තිකරණ සෛල වර්ධනයට, ප්‍රතිඔක්සිකාරක එන්සයිම නිපදවීමට සහ පොදුවේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට මෙම රසායනික මූලද්‍රව්‍යය බොහෝ සෙයින් ප්‍රයෝජන්වත් වෙනවා.

3. ඔබේ අස්ථි ශක්තිමත් වේ.

කජු අවුන්සයක් මගින් තඹ සඳහා දෛනික වටිනාකමෙන් 30% ක් සහ මැග්නීසියම් සඳහා 20% ක් ලබා දෙනු ලබනවා. තඹ ඔබේ අස්ථි හා සම්බන්ධක පටක වර්ධනයට සහාය වන අතර මැග්නීසියම් ඔබේ ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීමට සහ ඔස්ටියෝපොරෝසිස් ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාර කරයි.

4. ඔබේ ඇස් ආරක්ෂා වේ.

කජු ඔබේ ඇස් නිරෝගීව තබා ගැනීමට වැදගත් වන ප්‍රතිඔක්සිකාරක වන lutein සහ zeaxanthin වලින් පොහොසත්ය. ඔබ දිනපතාම කජු පරිභෝජනය කරන්නේ නම්, මෙම ප්‍රතිඔක්සිකාරක ඔබේ ඇස් පෙනීම හොදින් පවත්වාගෙන යන අතර පරිසරයෙන් ඔබට සිදුවිය හැකි ආසාදන වලින් ඔබව බේරා ගනු ලබනවා. zeaxanthin මගින් ඔබේ දෘෂ්ටි විතානයට හානිකර පාරජම්බුල කිරණ වලින් ඔබව ආරක්ෂා කරනු ලබනවා.

5. ඔබේ ඉරුවාරදය ඉවත් කරයි.

මැග්නීසියම් ඌණතාවය රුධිර පීඩනය වැඩිවීම, නිතර නිතර හිසරදය සහ ඔබේ ශරීරයේ විවිධ කොටස්වල වේදනාව ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියකට හේතු වෙනවා. නමුත් දිනපතාම කජු ආහාරයට ගැනීමෙන් මැග්නීසියම් නිසි ලෙස සමතුලිත වන අතර ඉරුවාරදය ඉවත් වී යයි.

6. ඔබේ දත් සෞඛ්‍ය සම්පන්නව තබයි.

කජු වල තිබෙන ඇදහිය නොහැකි සංයෝගවලින් එකක් වන්නේ ඇනකාඩික් අම්ලයයි. මෙම අම්ලයට දත් දිරායාමට හා කුරුලෑ වලට හේතු වන gram-positive බැක්ටීරියාව විනාශ කිරීමට හැකියාව තිබෙනවා.

7. ඔබට වඩාත් ජවසම්පන්න බවක් දැනෙනු ඇත.

කජු වල විටමින්E, K, B6, තඹ, පොස්පරස්, සින්ක්, මැග්නීසියම්, යකඩ සහ සෙලේනියම් ඇතුළු ඛනිජ හා විටමින් වර්ග රාශියක් අඩංගු වෙනවා. ඔබේ ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වීමට මේ සියල්ලම වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා. ඉතින් කජු ආහාරයට ගැනීමෙන් ඔබේ පරිවෘත්තීය සෞඛ්‍ය සම්පන්න වන අතර, දවස පුරා ඔබට වඩාත් ජවසම්පන්න බවක් දැනෙනු ඇත.

8. ඔබේ බර කළමනාකරණය කිරීමට උපකාරි වෙයි.

බොහෝ අය සිතන්නේ දිනපතාම කජු ආහාරයට ගැනීමෙන් ඔබේ බර වැඩිවිය හැකි බවයි. නමුත් එය කිසිසේත්ම සත්‍ය නොවේ. කජු වල මේද අඩංගු වන නමුත් මෙම මේද සෞඛ්‍ය සම්පන්න වන අතර ඔබේ ශරීරයේ මේද හා කාබෝහයිඩ්‍රේට් වල පරිවෘත්තීය නියාමනය කිරීම සඳහා කජු වල ඇති මැග්නීසියම් අත්‍යවශ්‍ය වේ.

ඇත්ත වශයෙන්ම කජු නියමිත ප්‍රමානය නොඉක්මවා පරිභෝජනය කරන පුද්ගලයන්ට වේගයෙන් බර අඩු කර ගැනීමට හැකි අතර තරබාරු වීමට ඇති අවදානමද අඩු කරයි. එසේම පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් මෙම ඇට වර්ගය දිගු වෙලාවක් ඔබව පිරුණු ස්වභාවයෙන්ද තබයි.

9. ඔබේ හිසකෙස් දිප්තිමත් කරයි.

කජු වල ඇති තඹ මගින් ඔබේ කොණ්ඩය දීප්තිමත්ව හා ශක්තිමත්ව තබා ගන්නා අතර එයට සිනිඳු වයනයක් ද ලබා දෙනු ලබනවා. එසේම කජු මගින් හිසකෙස් වල වර්ණය වැඩි කිරීමට උපකාරී වන අතරම මෙලනින් නම් වර්ණකයද නිපදවීම උත්තේජනය කරයි.

අවවාදයයි: ඔබ කජු ආහාරයට ගැනීමට කොතරම් ප්‍රියතාවයක් දැක්වුවත් දිනකට ගෙඩි 4-5 කට වඩා ආහාරයට ගන්න එපා. එමගින් හිසරදය ඇතුලු තවත් බොහෝ සෞඛ්‍ය ගැටලුවලට මග පාදන්න පුලුවන්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
11
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
75
වටිනවා

දිනපතාම කජු මද 4ක් කෑවොත් ඔබේ ශරීරයට සිදුවෙන පුදුමාකාර දේවල්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!