දියණිවරුන් සහ පියවරුන් අතර තියෙන සම්බන්ධය කොයි තරම්ද කියනවා නම්, බොහෝ විට එයට අනුව තමයි ගැහැණු දරුවාගේ සම්පූර්ණ වැඩිහිටි ජීවිතයම තීරණය වෙන්නේ. ඇතැම් පර්යේෂණ මගින් තහවුරු වී ඇති ආකාරයට ආදරණීය පියවරුන් සිටින දරුවන්ට චිත්තවේගී වශයෙන් සුරක්ෂිත වීමට, සමාජීය වශයෙන් ක්‍රියාශීලී වීමට වගෙම ආත්ම විශ්වාසයෙන් යුතුව නැගී සිටීමට වැඩි හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන් දියණිවරුන් සිටින පියවරුන් තම ගැහැණු දරුවා ඇතිදැඩි කිරීමේදී ඇය වෙනුවෙන් විශේෂ අවදානයක් යොමු කල යුතුයි.
1. තම දියණියට පුරුෂයන් සැලකිය යුත්තේ කෙසේද යන්න පිලිබඳව පියා විසින් ආදර්ශ සපයයි.
ස්වාමි පුරුෂයා හා භාර්යාව අතර පවතින සම්බන්ධතාවය පිරිමියකුගෙන් අපේක්ෂා කල හැකි දේවල් පිලිබදව දියණියගේ ආකල්ප හැඩගැස්වීම සදහා ආදර්ශයක් සපයනවා. එමනිසා පියා තම මවට ආදරය දක්වන ආකාරය, ගෞරව කරන ආකාරය අනුව තමාද අනාගතයේ තම ස්වාමිපුරුෂයාගෙන් අපේක්ෂා කල යුතු දේවල් පිලිබදව දියණිවරුන්ට මනා අවබෝධයක් ලැබෙනවා. එමනිසා පියවරුන් විසින් තම හැඟීම් ප්‍රකාශ කිරීමට කිසිසේත්ම බිය විය යුතු නැහැ. එයට අනුව ඇයට තම පියා වැනිම ආදරණීය සහකරුවකු තෝරා ගැනීමට පහසු වෙනවා.
2. පියෙක් තම දියණියට දිය හැකි සෑම ආදරයක්ම දිය යුතුය.
සෑම වැඩිහිටි කාන්තාවකගේම හදවතේ ගැඹුරේ කුඩා කල තම පියාගේ මතක සටහන් තැන්පත් වී තිබෙනවා. එමනිසා පියවරුන් විසින් තම ආදරය දියණිවරුන්ට අනිවාරෙන්ම පෙන්විය යුතුය. දියණියකගේ ආත්ම අභිමානය ගොඩනගා ගැනීමටත් ඇය ආදරය ලැබීමට සුදුසු බව වටහා ගැනීමටත් ඒ සියලු ආදරය ඇයට අවශ්‍ය වෙනවා. ඇය වැඩෙන විට ඇයට ස්වයං අභිමානය පිලිබදව යම් සැකයක් ඇති වුවද, පියෙකුගේ ආදරය සැමවිටම ඇයට අවශ්‍ය ඕනෑම බාධකයක් මැඩපැවැත්වීමට ශක්තිය ලබා දෙනවා. මේ නිසා ඇයගේ ජීවිතයේ පියාගේ තැන වෙනුවට වෙනත් කිසිම කෙනෙකු ආදේශ කල නොහැකිය. මේ නිසා පියවරුන් විසින් තම භූමිකව ඉතාම හොදින් ඉටුකල යුතුය.
3. ඇතුලතින් සහ පිටතින් ඇය ලස්සන බව පියවරුන් විසින් පැවසීම වැදගත්ය.
ගැහැනු ළමයින් තමන්ගේ ජීවිතයේ බොහෝ දේ ගැන සැක කරනවා. සම වයසේ මිතුරියන්, සමාජ මාධ්‍ය වල පින්තූර ආදිය සමග තමාව සංසන්දනය කිරීමටත්, ඒ අනුව තම ආත්ම අභිමානය පිලිබදව ගැටළු ඇති කර ගැනීමත් නිතරම දකින්න ලැබෙනවා. මේනිසා පියවරුන් විසින් තම දියණියන්ට ඔවුන් බාහිරින් වගෙම සිතුවිලි වලින්ද ඉතාම ලස්සන බව පවසමින් නිතරම ප්‍රශංසා කරමින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නැගීමට කටයුතු කල යුතුය. අන් අයට ඔවුන්ගේ විශ්වාසය විනාශ කිරීමට ඉඩ නොදීමේ බලය පවතින්නේ පියවරුන් සතුවයි.
4. ඇයට සැම විටම ඇගේ පැත්තෙන් ඇගේ පියා සිටීම අවශ්‍ය වෙනවා.
දියණියක කොයි තරම් වැඩී සිටියත් තම පියාගේ කොන්දේසි විරහිත ආදරය සහ සහාය ඔවුන්ට නිතරම අවශ්‍ය වෙනවා. ඇය කුමක් කලත් පියා ඇගේ අත අල්ලාගෙන ඇගේ අසලින් සිටින බව දැන ගැනීම ඇයට ශක්තියක් වෙනවා. නමුත් ඇය කරන වැරදි සහගත දේවල් වලදී පියකුට එයින් ඇයව ආරක්ෂා කල නොහැකි වුනත් ඇයට අවුල් සහගත බවක් දැනෙන විට පියාගේ සහාය අනිවාරෙන්ම අවශ්‍ය වෙනවා.
5. ඇයට අවශ්‍ය වන්නේ තම පියා ඇයට ඇහුන්කන් දීමයි.
වයස කුමක් වුවත් දියණිවරුන්ට තම පියා තමන්ට ඇහුන්කන් දීම අවශ්‍ය වෙනවා. මෙහිදී තම දියණියව පවසන දේ කොතරම් කුඩා නොවැදගත් දෙයක් වුවත් පියා විසින් එයට බොරුවට මවාපාමින් සවන් දෙන බව ඇයට වැටහුනහොත් ඇය නැවත කිසිම දිනක තම පියා සමග කිසිදු රහසක් බෙදා ගැනීමට කැමති නොවෙන පුලුවන්. මේ නිසා දියණියකගේ අවශ්‍යතා කිසිම විටකත් බැහැර නොකිරීමට වගෙම සියලු චිත්තවේගීය සහයෝගය ඇයට ලබා දීමට පියවරුන් විසින් අනිවාරෙන්ම මතක තබා ගත යුතුය.
6. ප්‍රීතිමත් මතකයන් යනු ඇයට කිසිදා අමතක නොවන තෑග්ගකි.
දියණියන්ට තම පියාගේ අවදානය අනිවාරෙන්ම අවශ්‍ය වන අතර එය කිසිදු ගැජට් උපකරණයකට ආදේශ කල නොහැකිය. ඇයට තම පියා සමග පිටතට ගොස් අයිස් ක්‍රීම් එකක් කෑම හෝ තම පවුලේ අය සමග සති අන්තයේදී එලිමහනට යාම හෝ ක්‍රීඩා කිරීම වැනි කුඩා දෙයක් වුවද ප්‍රීතිමත් මතකයක් බවට පත්වනු ඇත. මේ සදහා විශාල මුදලක් වැය කිරීමට ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙය පියා සහ දියණිය අවතර හොද චිත්තවේගී සබදතාවයක් ඇති කර ගැනීමට වඩා හොද ක්‍රමයකි.
7. පියවරුන්ට තම දියණිවරුන්ට විවිධ දේ කිරීම සදහා ඉගැන්විය හැකිය.
දරුවන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති අතර ලෝකය පිළිබඳ පුදුමාකාර දේවල් සිය දියණියට ඉගැන්වීම පියාගේ කාර්යයකි. මේ සදහා පියෙකු තම කාලසටහනෙහි යම් කාලයක් සොයාගෙන එය සම්පූර්ණයෙන්ම තම දියණියට කැප කළ යුතුය. ඒවගෙම ඇගේ කුතුහලය දනවන ප්‍රශ්න වලට හොද විසදුම් ලබා දීමට හැකි වන්නේද පියාටයි.
8. දියණියන් තම පියවරුන් දකින්නේ පරිපූර්ණ මිනිසුන් ලෙසය.
සෑම දියණියක්ම විශ්වාස කරන්නේ පිරිමින්ගේ ඉහලම ප්‍රමිතිය තම පියා බවයි. ඔහු හැසිරෙන ආකාරය, තීරණ ගන්නා ආකාරය සහ අන් අයට සලකන ආකාරය ඇයට ලෝකය පිලිබද අවබෝධ කර ගැනීමට වගෙම ඇය හොදින් ක්‍රියා කල යුතු ආකාරය පිලිබද ඉගෙන ගැනීමට බෙහෙවින් වැදගත් වෙනවා. දියණියගේ ජීවිතයේ ප්‍රධාන පුරුෂ ආදර්ශය පියෙක් වන අතර ඇගේ අනාගත සැමියා තුළ ඇය බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න තීරණය කරන්නේ පියාය. එමනිසා පියවරුන් විසින් තම දියණියන්ට වඩා හොඳ තීරණ ගැනීමට සහ ඔවුන්ට සුදුසු ජීවිතයක් ගත කිරීමට උපකාර කල යුතුය.
9. දියණියට තමා හැරයාමට ඉඩ දීමට වගෙම ඒ සදහා සූදානම් වීමට පියවරුන්ට සිදුවෙනවා.
පියවරුන් තම දියණිවරුන් ලෝකයේ ඇති සියලුම අනතුරු වලින් ආරක්ෂා කර ගත යුතු අතර එයට පෙම්වතුන්ද ඇතුලත්ය. මෙහිදී පියවරුන් විසින් හොද සහකරුවන් සොයා ගැනීමට දියණිවරුන්ට උපකාර කල යුතුය. නමුත් බොහෝ පියවරුන් තම දියණිය නිසි වයසට පැමින සිටියත් ඇයව දකින්නේ කුඩා දැරියක ආකාරයටයි. නමුත් නිසිවයසට පැමිනි විට පියවරුන් විසින් තම දියණිවරුන්ට ලැබී තිබෙන්නේ හොද සහකරුවන් බව තහවුරු කරගත් විට ඔවුන්ට කැදැල්ල අතහඇර ගොස් නව ජීවිතයක් ගත කිරීමට අවස්තා ලබා දිය යුතුය.
සුබ දවසක්.
Connect with us