අපි එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදි බොහෝමයක් දේවල් භාවිතා කරනවනේ. නමුත් ඒ අතරින් වැඩිමනක් දේවල් වල තියෙන යම් යම් අංගෝපාංග මොන හේතුවකට තියෙනවද කියලා අපිට හිතා ගන්න අමාරුයි. සමහර අය හිතන්න පුලුවන් ඒ වගේ දේවල් තියෙන්නේ අලංකාරය, නිර්මාණාත්මක බව සදහා තමයි කියලා. ඒ වුනාට….. ඒ බොහෝමයක් දේවල් වල බොහොම ලොකු අරමුණක්, වැදගත්කමක් තියෙනවා..
1. බීම කෝප්ප වල පියන් වල තිබෙන සිදුර.
ඔබ කෝපි පානය කරන කෝප්පයක පියන දෙස සමීපව බැලුවොත් ඔබට බලාගන්න පුලුවන් ඒ මත සිදුරක් තියෙනවා කියලා. ඒ සිදුර, ඔබ පානය කරන උණුසුම් පානයේ, තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා. එවිට උණුසුම් වාෂ්පය නිසා සිදුවෙන පියන ගැලවී යාම වලකිනවා.
පියනේ තිබෙන කුඩා බොත්තමේද යම් අරමුණක් තියෙනවා. ක්ෂණික ආහාර අවන්හල්වල සේවකයන්ට මේ කුඩා බොත්තම මගින් කෝප්පය තුල තිබෙන්නේ තේද?, කෝපිද, කැපිචිනෝද? යන්න තේරුම් ගැනීමට හැකියාව ලැබෙනවා. බොත්තම් අසල, බීමක නමක් තියෙනවා නම් හෝ එය ඇතුලට තදකර ඇත්නම්, කෝප්පය ඇතුලත පරික්ෂා කර බැලීමට අවශ්‍ය වෙන්නේ නැහැ.
2. ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන හෝස් මත තියෙන චුම්භක අගුල්.
සමහර අවස්තා වලදි රියදුරන්ට ඉන්ධන නලය අමතක වී එය වාහනය සමග සම්බන්ධ වී තිබෙන විටම පිටව යනවා. එවිට එම පිරවුම්හල් වලට සැලකිය යුතු තරමේ අලාභයක් සිදු වෙනවා. ඒ නිසා එවැනි අවස්තා වලදී ඉන්ධන අපතේ යාම වැලැක්වීමට මෙන්ම වෙනත් හානි වැලැක්වීමට මෙවැනි චුම්බක අගුල් නිර්මාණය කර තියෙනවා.
3. නාන පෙණ.
නාන පෙණ වලට ලොකු පොඩි කවුරුත් කැමතියිනේ. නමුත් විනෝදයට අමතරව එහි තවත් ලොකු අරමුණක් තියෙනවා. ඒ තමයි එම පෙණ තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කිරීම. ඉහළ මතුපිට හරහා තාපය අහිමි වීම නිසා බුබුලු නොමැති වුවහොත් උණුසුම් ජලය ඉක්මනින් සිසිල් වේ. නමුත් මෙය නූතන acrylic bathtubs වලට පමනයි ක්‍රියාත්මක වෙන්නේ. අනෙක් අවස්තා වලදී පෙණ ස්ථරයක් තිබුනත් නැතත් ජලයෙහි උෂ්ණත්වය වේගයෙන් පහළ වැටෙනවා.
4. වෙන්කල හැකි වාහන ආසන හිස් රදවනය.
වාහන ආසන වල ඇති මෙම හිස් රදවනය මගින් වේගවත් බ්‍රේක් ගැසීමකදී මෙන්ම අනතුරකදී හිසට වෙන හානිය අවම කරනවා. ඒ වගෙම airbags සහ සීට් බෙල්ට් වලට අමතරව මෙම රදවනය මගින් අපිට අමතර ආරක්ෂාවක් ලබා දෙනවා. නමුත් මේ හිස් රදවන වල අපි නොහිතන ආකාරයේ සැගවුනු තේරුමක් තියෙනවා.
ඔබ යම් හදිසි අවස්තාවකට මුහුණ දී මෝටර් රථය තුල සිර වුනා යැයි සිතන්න. එවන් අවස්තාවකදී එම හිස් රදවනය ගලවා එහි ඇති ඇමිනුම් මගින් රථයේ වීදුරුව කඩා බිද දමා ඉන් පිටතට පැමිනීමට අවස්තාවක් ලැබෙනවා.
5. හතරැස් හැන්ද.
මැක්ඩොනල්ස් අවන්හල් මගින් ලබා දෙන අයිස්ක්‍රීම් වල හැන්ද බොහෝ ප්‍රශ්න මතු කරනවා. ඒ තමයි එම හැදි චතුරස්‍රාකාර වෙන්නේ ඇයි? ඒවාට කොකු තිබෙන්නේ ඇයි? වගේ දේවල්. ඇත්තටම මෙසේ මෙම හැදි නිර්මාණය කිරීමේ අරමුණ පාරිභෝගිකයන්ගේ පහසුව නම් නෙමෙයි. මෙම හැන්දේ ඇති කොක්ක මගින් එය සෘජුව යන්ත්‍රයට සම්බන්ධ කර පහසුවෙන්ම අයිස් ක්‍රීම්, කෝප්පය මතට මිශ්‍ර කිරීමට හැකියාව ලැබෙනවා. මේ නිපැයුමට ස්තුතිවන්ත වෙන්න, සේවකයන්ට අයිස්ක්‍රීම් සැදීමට අඩු කාලයක් ගත වෙන අතර, නිතරම යන්ත්‍ර සේදිමට අවශ්‍ය වෙන්නේත් නැහැ.
6. බහාලුම් හැන්ඩ්ල්.
බහාලුමක් හැසිර වීම සදහා හැන්ඩ්ල් 3ක් තිබෙන්නේ ඇයිද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? මේකට උත්තරයක් හොයන්න අපිට අවුරුදු 90ක් ආපස්සට යන්න වෙනවා. ජර්මානු ඉංජිනේරුවන් විසින් හමුදා භාවිතය සදහා තමයි මෙවැනි ආකාරයේ බහාලුම් නිර්මාණය කර තියෙන්නේ. එහිදී නීතියක් වුනේ සොල්දාදුවකු, පිරවූ බහලුම් 2 හෝ, හිස් බහාලුම් 4 රැගෙන යායුතුයි යන්නයි. ඒවගෙම ඉතාමත් බර බහාලුම් 1ක් සොල්දාදුවන් 2නෙක් රැගෙන යා යුතුයි. ඒනිසා බර සමාන්තරව බෙදී යාම සදහා හැන්ඩ්ල් 3ක් නිර්මාණය කර තිබෙනවා.
7. මයික්‍රොවේව් උදුනේ දොරේ තිබෙන කළු පටිය.
සෑම මයික්‍රොවේව් දොරකම තිබෙන මෙම කළු පටිය ඉතාම වැදගත් අරමුණක් සදහා තමයි තියෙන්නේ. පලිහක් ලෙස ක්‍රියා කරන එය Faraday cage ලෙස හැදින්වෙනවා. විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය අවහිර කිරීම සදහා එය උපකාරි වෙනවා.
ඉහත දෙවන පින්තූරයේ Faraday cage එකක් තුල පුද්ගලයෙක් සිරකර තිබෙනවා. එහිදී ප්‍රබල විද්‍යුත් ආරෝපණයක් බාහිර බලපෑමක් එල්ල කරන නමුත් ඇතුලත සිටින මිනිසුන්ට කිසිදු හානියක් සිදු කරන්නේ නැහැ. මයික්‍රොවේව් උදුනේ පලිහද ඒ ආකාරයෙන්ම ක්‍රියා කරයි. එමගින් විද්‍යුත් චුම්බක විකිරණ පිටතට ඒමක් සිදු වෙන්නේ නැහැ.
8. ෂර්ට් පිටුපස තිබෙන ලූපය.
ෂර්ට් පිටුපස තිබෙන මෙවැනි ආකාරයේ ලූප් 1960 දී හදුන්වා දී තිබෙනවා. බොහෝ අය සිතන්නේ මේ ලූපයේ අරමුණ වෙන්නේ ඇදුම් එල්ලා තැබීම කියලයි. නමුත් එහි සැගවුනු තේරුමක් තිබෙනවා.
අතීතයේදි ඇමරිකානු ජාතික තරුණයන් තමන්ට ප්‍රේම සම්බන්ධතාවයක් තිබෙන බව පෙන්වීමට ලූප් රහිත ෂර්ට් වලින් සැරසුන අතර තමන් නිදහස් බව පෙන්වීමට ලූප් තිබෙන ෂර්ට් වලින් සැරසුනා.
9. Microwaveable සහල් බෑග්.
Microwaveable සහල් බෑග් වල ඔබ පිසින අතරතුර වැටීම් වලක්වා ගැනීමට පතුලේ විවෘත කල හැකි සිදුරු තිබෙනවා.
10. ආහාර එතුම් සහ ෆොයිල් රෝල්.
ආහාර එතුම් සහ ෆොයිල් රෝල් ඇසුරුම් වල කෙලවරේ පියනක් තිබෙනවා ඔබ දැකලා ඇති. ඒවා නිර්මාණය කර තිබෙන්නේ භාවිතා කරන්නන්ගේ පහසුව සදහායි. ඔබ පෙට්ටියේ එම පියන පමනක් විවෘත කරනවා නම් රෝල පෙට්ටියේ ආරක්ෂාකාරීව සවි වී ඔබට අවශ්‍ය ප්‍රමානයට එතුම් පිටතට ගැනීමට හැකියාව ලැබෙනවා.
11. ලදරු ඇදුම් වල තිබෙන පියන්.
ළදරු ඇදුම් මාරු කිරීම අභියෝගාත්මක දෙයක් කියලා හැම දෙමවුපියෙක්ම දන්නවනේ. ඉතින් ඒ නිසා දෙමවුපියන්ට ඉක්මනින් දරුවන්ට ඇදුම් ඇන්ද වීමට පහසු කිරීම සදහා නිර්මාණකරුවන් විසින් මෙයාකාරයේ පියන් ළදරු ඇදුම් මත නිර්මාණය කර තිබෙනවා. ඒ වගෙම එමගින් ඇදුම් පහසුවෙන් ළදරුවාගෙන් ඉවත් කිරීමටද හැකි වෙනවා.
12. චොකලට් පෙට්ටි මත තිබෙන කුඩා සිදුරු.
පෙට්ටි වලින් චොකලට් පිටතට ගැනීමට අපහසු අය සදහා නිෂ්පාදකයන් විසින් මෙම උපක්‍රමය හදුන්වා දී තිබෙනවා. එහිදි පෙට්ටිය මත තිබෙන මෙම කුඩා සිදුර තද කිරීම මගින් චොකලට් පහසුවෙන් පිටතට පනිනවා.
13. පීසා පෙට්ටි.
පීසා පෙට්ටිය එය තබන ආදාරකයක් ලෙස වුවද පරිවර්තය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සදහා ඉහත පින්තූරයේ පරිදි පීසා පෙට්ටිය ඔබට වෙන්කර සකසා ගැනීමට පුලුවන්.
මේ අලුත් තොරතුරු ඔබේ මිතුරන් අතරත් share කරන්න. සුභ දවසක්..
Connect with us