මේ සරළ කරුණු 10ට පුලුවන් ඔයාගේ ජීවිතේ යහපත් විදියට වෙනස් කරන්න


පුංචි දේකින් ලොකු වෙනසක් කරන්න පුලුවන්නේ. අපි එදිනෙදා පුරුද්දට කරන හැම පොඩි දෙයක්ම ප්‍රයෝජනවත් පුරුදු බවට පත් කර ගත්තොත් කොහොමද? ඒක අමාරු නැහැ. ඒ වගෙම කම්මැලි හිතෙන්නෙත් නැහැ. අපි මේ කියන දේවල් සතියක් අත්හදා බලන්න. ඔයාට ලොකු වෙනසක් ලබා ගන්න පුලුවන් වෙයි.

  1. ලෙමන් දැමු වතුර වීදුරුවක් සමග දවස ආරම්භ කරන්න.

ඇල් මැරුනු වතුර වීදුරුවකට ලෙමන් යුෂ ස්වල්පයක් හා ගම්මිරිස් ඉතාමත් ස්වල්පයක් දමා පානය කිරිම පුරුද්දක් කර ගන්න. මේ චාරිත්‍රය සමග ඔයාගේ උදේ ආහාරයත් එක්කම, පරිවෘත්තිය ක්‍රියවලියත් ආරම්භ වෙනවා. ලෙමන් යුෂ වල විටමින් C අඩංගු වන අතර, එමගින් ඔබේ ක්ෂුද්‍ර ජීවි ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර ගම්මිරිස් මගින් පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරනවා. ඒ වගෙම මේ ක්‍රියාව දිගටම කරන විට කාලයත් සමග ඔබේ සමේ තත්වය වැඩි දියුණු වෙනවා. ඒ නිසා මෙය ප්‍රයෝජනවත් සරල ක්‍රියාවකි.

 

  1. අයිස් කැට වලින් ඔබේ මුහුණ පිස දමන්න.

තවත් උදෑසන ප්‍රයෝජනවත් පුරුදදක් වෙන්නේ chamomile decoction සාදනු ලැබූ අයිස් කැටයකින් ඔබේ මුහුණ පිස දැමීමයි. එමගින් ඔබේ මුහුණේ රැලි මකා දමනවා. ඊට අමතරව එමගින් සමේ සමතුලිත ක්‍රියාවලිය උත්තේජනය කරනු ලබනවා. මේ ක්‍රියාවලියත් සමග උදෑසන ඔබේ සම වෙල්වට් සමක් මෙන් නැවුම් බවක් ලබා දෙනවා.

 

  1. සැහැල්ලු ආහාර ගැනීම.

හානිකර ආහාර රටාව යනු ඔබේ සෞඛ්‍යට සතුරෙකි. ඒ නිසා චොක්ලට් බාර් සහ කුකීස් මෙන්ම පැණිරස බහුල ආහාර භාවිතය අඩු කිරීමට උත්සාහ කරන්න. ඒ වගෙම පර්යේෂකයන් පෙන්වා දීල තියන ආකාරයට, ප්‍රධාන ආහාර වේලක් අතරට සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම වෙනුවට, පළතුරු යෝගට් ආදිය ගැනීම යහපත් සෞඛ්ය පුරුද්දකි. මේ ආකාරයට සරළ කාබෝහයිඩ්‍රේට් අඩංගු නොවන ආහාර රටාවකට පුරුදු වීමෙන් මාසයක් තුල දි ඔබට දෘෂ්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන් වෙනවා.

 

  1. දන්ත කෙදි භාවිතා කරන්න.

ඔබේ දත්වල තත්වය කෙලින්ම රඳා පවතින්නේ ශරීරයේ සෞඛ්යය මතයි. දත් හා හෘද වාහිනී රෝග අතර සම්බන්ධතාවයක් ඇති බව විද්යාඥයන් පවා ඔප්පු කර තිබෙනවා. ඔබ එක් මුඛ කුහරයක් ගැන සැලකිලිමත් වන විට දන්ත නූල් භාවිතා කල යුතුයි. දත් අතර, ඕනෑම දුෂ්කර ස්තානයක සිරවී තියෙන ආහාර කැබලි ඉවත් කිරීමට එයට හැකියාව තියෙනවා.

 

  1. ආහාර වේලකින් පසු ඇපල් ගෙඩියක් කන්න.

සැම ආහාර වේලකටම පසු ඔබේ දත් මැදීම යෝග්‍ය වුවත් එය සැම විටම කිරීම අපහසුයි. නමුත් ඒ සදහා ඉතා සරල සහ ආකර්ශනීය විසඳුමක් තියනවා: ආහාර වේලකින් පසු ඇපල් ගෙඩියක් කන්න. එමගින් ඔබේ දත් අතර සිර වී තියෙන ආහාර කැබලි ඉවත් කිරීමට, විදුරුමසේ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට සහ ඔබේ මුඛයේ ආම්ලිකතාවය සමනය කිරීමට උපකාරි වෙනවා. නැවුම් එළවළු සහ පළතුරු තෝරන්න, එවිට ඔබට විදුරුමස් රෝගයකින් පිඩා විදින්නට සිදු වෙන එකක් නැහැ.

 

  1. සෑම දිනකමcontrast shower භාවිතා කරන්න.

මෙම විනාඩි කිහිපයක ප්‍රයෝජනවත් ක්‍රියාපටිපාටිය ඔබේ සෞඛ්‍යට ඉමහත් ප්‍රතිලාභයක් ලබා දීමට හේතු වෙනවා. contrast shower භාවිතා කිරීම මගින් රුධිර වාහිනී හා ස්නායු පද්ධතිය ශක්තිමත් කරනු ලබනවා. ඒ වගෙම නහර ඉදිමීමේ රෝගයටත් ප්‍රධාන ප්‍රතිකාර මෙවලමක් වෙන්නේ contrast showerභාවිත ස්නානයයි.

 

  1. ඔබේ මේසය මත වතුර බෝතලයක් තබා ගන්න.

බොහෝ දෙනෙක් නොදැනුවත්ව හෝ විජලනයෙන් පීඩා විදින බවක් පෙනෙන්නට තියෙනවා. ඔබට යහපත් සෞඛ්‍යක් අවශ්‍යයි නම් ජලය පානය කිරීමට මුල් තැනක් ලබා දිය යුතුයි. තේ, කෝපි හා කාබනීකෘත බීම වර්ග ලැයිස්තුවෙන් ඉවත්ම කලාටද කමක් නැහැ. සෑම විටම ඔබ සමඟ පිරිසිදු වතුර බෝතලයක් රැගෙන යන්න, ඒ වගෙම ඔබ වැඩ කරන ස්තානයේ මේසය මතද වතුර බෝතලයක් තබා ගන්න අමතක කරන්න එපා. වැඩියෙන් වතුර පානය කරන්න උත්සාහ කලයුතු වුවද ඔබට තියෙන වැඩ සමහ එය අමතකව යනවා නම් දුරකතනයෙන් පැයකට වරක් රිමයින්ඩර් එකක් තබා ගන්නටද පුලුවන්.

 

  1. කජු ආහාරයට ගන්න.

දිනපතා කජු හෝ ඔබ කැමති ඇටවර්ගයක් 50g කට වඩා ආහාරයට ගැනීමට පුරුදු වෙන්න. එමගින් මේද අම්ල හා ඔමේගා 3 නිපද වී කන්තුක වාහිනී පද්ධතිය හා හිසකෙස් මෙන්ම නිය පෙලද ශක්තිමත් කරනවා. එයට අමතරව කජු වර්ග වල සෙලිනියම්, ප්‍රතිඔක්සිකාරක, විටමින් E, ස්ටෙරෝල්ස් (අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන ද්‍රවය), පොටෑසියම්, කැල්සියම්, යකඩ, මැග්නීසියම් හා සින්ක් යන සංඝටක රැසක් අඩංගු වෙනවා. කෙටියෙන් කියනවා නම් කජු යනු විටමින් හා පෝෂ්‍ය පධාර්ථ ගබඩාවකි.

 

  1. නින්දට යාමේදී මේස් පලදින්න.

ගිම්හාන සමයේදී කපු මේස්ද, සීතල කාලයේදී ලොම් සහිත මේස්ද පැලදීමට තෝරා ගන්න. නින්දට යාමට පෙර ඔබ පිරිසිදු වීමෙන් පසු පොල්තෙල් ස්වල්පයකට මින්ට් ඔයිල් ස්වල්පයක් මිශ්‍රකර එය පාදවල ගල්වා පසුව මේස් පලදින්න. ප්‍රතිඵලය වෙන්නේ උදැසනට ඔබේ පාද මෘදු හා සුසිනිදු බවට පත්ව තිබීමයි. මාසයක් පමන යන විට ඔබේ විලුඹේ හා පාද වල රළු සම අතුරුදහන්ම වි යනවා.

 

  1. දිනපතා කියවන්න.

දිනපතා කියවීම පුරුද්දක් කර ගැනිම මගින් ඔබේ මතක ශක්තිය, තාර්කික ශක්තිය හා පරිකල්පන ශක්තිය වැඩි දියුනු වෙනවා. ඒ වගෙම දිනපතා කියවීම මගින් Alzheimer’s රෝගය අඩු කර ගැනීමට හෝ වලක්වා ගැනීමටද හැකියාව තියෙනවා. වේගයෙන් කියවීම පුරුදු කර ගැනීමට ඔබේ නිවසේ සැම කොනකම පොත් තියන්න: නාන කාමරයේ, කුස්සියේ, ඇදයට ආදී හැමතැනකම. ඒ වගෙම පොදු ප්‍රවාහනයක ගමන් කරන විට වගෙම මිතුරෙක් එනතුරු අවන්හලක රැදි සිටින විටත් පොතක් කියවීම පුරුද්දක් කර ගන්න. පොත් කියවීම ආරම්භ කරන විට මිනිත්තු 15-20 අතර කාලයක් මුලින්ම වැය කරන්න. ඉන් පසුව ක්‍රමයෙන් කාලය වැඩි කර ගන්න.

ඔයාට මේ කරුණු වලින් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුනද? අදහස් අපිට කියන්න. යාළුවන් අතරත් මේ ලිපිය බෙදා ගන්න. සුභ දවසක්.

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
4
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
31
ලස්සනයි
විකාරයි විකාරයි
11
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
10
ඇඩෙනවා
වටිනවා වටිනවා
361
වටිනවා

මේ සරළ කරුණු 10ට පුලුවන් ඔයාගේ ජීවිතේ යහපත් විදියට වෙනස් කරන්න

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!