ඔබ වටහාගත්තේ නැති වුනත් අපගේ යටි සිත අප කවුරුන්ද යන්න හරියටම ග්‍රහණය කර ගන්නවා. එය කිසිම විටක රැවටීමට හෝ සම්මුතියකට ලක් කිරීමට නොහැකියි. ඔබේ ඇස් සමස්ත රූපයක් දකින නමුත් ඔබේ මනස ඔබේ හැඟීම් වලට ගැලපෙන දේ සහ මෙම සුවිශේෂී අවස්තාවේ ඔබේ සිතට වඩාත්ම කරදර කරන්නේ කුමක්ද යන්න සදහා ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. ඉතින් අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ ඒහා සම්බන්ධ පොඩි මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක්. මේක විනෝදජනක පරීක්ෂණයක් පමණක් වෙන හින්දා කරුණාකරලා වැඩිය බැරෑරුම් විදියට හිතන්න එපා කියලත් අපි මතක් කරනවා.
මුලින්ම මේ රූපයේ ඔබේ ඇස් පලවෙනියට යොමු වෙන්නේ කුමකටද යන්න හදුනා ගන්න. එයට අනුව ඔබේ සිතේ මේ අවස්තාවේදී පවතින කරදරකාරී දේ පිලිබද තොරතුරු තමයි මේ.
1. කළු දිවියා
මෙම රූපයේ පලවෙනියටම ඔබේ ඇස් යොමු වෙන්නේ කළු දිවියාට නම් ඔබේ ආතතියට ලොකුම හේතුව ඔබේ පෞද්ගලික සම්බන්ධතා බව පැවසිය හැකියි. මෙහිදී ඔබේ ආදරණීයයා සමග තිබෙන සම්බන්ධය ඔබට අහිමි වෙන බව හැගෙන අතර ඔබේ සම්බන්ධය ගමන් කරන්නේ කොතැනටදැයි ඔබට විශ්වාස නැහැ. මෙවැනි අවස්තාවකදි ඔබේ සම්බන්ධතාවය ආරම්භ කල කාලය නැවත මතකයට නගා ගන්න. ඔබේ හිතට වද දෙන ගැටළුව සම්බන්ධව ඔබේ ආදරණීයයා සමග සාකච්ඡා කරන්න. බොහෝ විට පුද්ගලික ගැටළු විසදීම සදහා යතුර වෙන්නේ සන්නිවේදනයයි.
2. සිංහයන්
මුලින්ම ඔබ සිංහයන් දුටුවා නම් ඔබ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යන සියලු වගකීම් සමඟ කටයුතු සම්බන්ධව ඔබ අරගලයක නියැලී සිටියි. ඔබ සෑම දෙයක්ම රැකබලා ගැනීමට හා සෑම කෙනෙකුම බලා ගැනීමට පුරුදු වී සිටින නමුත් ඔබ ඔබව අමතක කිරීමට පටන්ගෙන සිටියි.
ඔබේ පවුලේ අය සහ මිතුරන් සිතන්නේ ඔබ ඇදහිය නොහැකි තරම් දැඩි බවත් ඕනෑම දෙයක් හැසිරවිය හැකි බවත්ය. නමුත් ඇත්ත වශයෙන්ම ඔබ සිතන්නේ එක් ක්ෂණයකින් සියල්ලම වෙනස් විය හැකි බවයි.
කොහොම වුනත් ආත්මාර්ථකාමී වෙන එක හැම විටම නරක දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ තරමක් ආත්මාර්ථකාමී විය යුතු කාලය තමයි මේ.
3. සීබ්‍රා
ඔබ පළමුව සීබ්‍රා දුටුවා නම්, ඔබ වැඩිපුරම කනස්සල්ලට පත් වෙන්නේ ඔබේ සෞඛ්‍යය ගැන හෝ ඔබේ පවුලේ කෙනෙකුගේ සෞඛ්‍යය ගැනයි. සෞඛ්‍යය ගැන ටිකක් කරදර වෙන එක ඇත්තටම හොද දෙයක්. මොකද ඒක සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇති කර ගැනීමට අපිව දිරිමත් කරනවා. නමුත් ඒක සෞඛ්‍ය කාංසාවක් බවට පත්වෙන එක නම් ඒ තරම් හොද දෙයක් නෙමෙයි. ඔබට පාලනය කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි දෙයක් ගැන කරදර වීමෙන් පලක් නැහැ. ඒ නිසා ඔබේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න මට්ටමක තබා එය බුක්ති විදීමට කටයුතු කරන්න.
4. ජිරාෆ්
මෙම පින්තූරයේ ඔබ පලමුවෙන්ම දුටුවේ ජිරාෆ් සත්වයන් නම් ඔබ ඔබේ රැකියාව ගැන සැලකිලිමත් වන අතර මූල්‍යමය වශයෙන් අනාරක්ෂිත බවකින් ඔබ පීඩා විදිනවා. රැකියා වෙලදපොල වඩාත් තරඟකාරී වෙන නිසා වර්තාමන්යේදී බොහෝ දෙනෙකුට මෙවැනි ගැටළු වලින් පීඩා විදීමට සිදු වෙනවා. එසේම තාක්ෂණය වේගයෙන් දියුණු වෙමින් පවතින නිසා සෑම විටම අපිට අලුත් දේවල් ඉගෙන ගැණීමට සිදු වෙනවා. ඉතින් ඔබේ රැකියාවේ අනාරක්ෂිත බවක් දැනෙනවා නම් හෝ රැකියාවේ ඉහලට යාමට ඔබට අවශ්‍ය වෙනවා නම් නව නිපුණතාවයන් වර්ධනය කර ගනිමින් ඔබේ අඩුපාඩු සකස් කර ගැනීමට කටයුතු කරන්න.
5. නිල් කුරුල්ලා
ඔබ පලමුවෙන්ම දුටුවේ නිල් කුරුලාව නම් ඔබ ඇත්ත වශයෙන්ම මේ අවස්තාවේදී තනිකමින් පීඩා විදිනවා. වර්තමානයේ බොහෝ දෙනෙක් සමාජය සමග සෘජු සම්බන්ධතා පැවැත්වීමට වඩා අන්තර්ජාලය තුල අතරමන් වී තනිකම මකා ගැනීමට උත්සාහ කරනවා. නමුත් හොද මානසිකත්වයක් සහ තනිකමින් තොර යහපත් ජීවන රටාවක් ගොඩ නගා ගැනීමට ඔබට අවශ්‍යයි නම් මෙම රටාව බිද දැමීමට අවශ්‍ය වෙන බව ඔබ තේරුම් ගන්න.
6. කුරුල්ලන්
ඔබ මුලින්ම දුටුවේ එහි සිටින කුරුල්ලන් දෙදෙනා නම් ඔබ මද තනිකමකින් සිටින බව පැවසිය හැකියි. ඔබට ඔබේ හැඟීම් ගැන යමෙකු සමග කතා කිරීමට අවශ්‍ය වෙන නමුත් ඔවුන් එතරම් වැදගත් නැතැයි යැයි සිතන නිසා ඔබ කතා කිරීමට පෙලඹෙන්නේ නැහැ. නමුත් ඔබේ හැඟීම් වලට හසු නොවී ඔබේ පවුලේ අය සහ මිතුරන් විශ්වාස කරන්න. එසේම හැඟීම් බෙදා ගැනීම දුර්වලතාවයක් නොවෙන බවද ඔබ අවබෝධ කර ගන්න.
සුබ දවසක්.
Connect with us