රූපවාහිනී කතා මාලාවල් වල ගමන් මග සම්පූර්නයෙන්ම වෙනස් කල ජනප්‍රිය ලෝක ප්‍රසිද්ධ කතා මාලාවක් තමයි Game of Thrones කියන්නේ. සමහර විට ඔබත් මේ කතා මාලාවේ හොද රසිකයෙක් වෙන්න පුලුවන්. කොහොම වුනත් මේ කතා මාලාව තුල අපිට සරලව විශ්වාස කල නොහැකි ගැටළුකාරී සිදුවීම් බොහෝ ප්‍රමානයක් තියෙනවා. අපි අද පොඩ්ඩක් හොයලා බලන්න හිතුවේ ඒ ගැනයි.
1- මිත්‍යාව. Targaryens ගිණි වලට බය නැහැ.
පලමු වෙනි කතා මාලාවේ වඩාත් ආකර්ෂණීය දර්ශන වලින් එකක් වන Khal Drogo ගේ අවමගුල් ගින්න ඔබට මතක ඇති. එහිදි එය සම්පුර්ණයෙන්ම විනාශ වූයේ නැහැ. ඉන් පසුව කතා මාලා කිහිපයකට පසුව Khaleesi එම උපක්‍රමයෙන්ම දැවෙන දේව මාලිගයෙන් පිටතට පැමිනි අතර නරඹන්නන්ට කිසිදු ගැටළුවක් ඇති වූයේත් නැහැ. Targaryens ගිණි වලින් හානි කල නොහැකිය.
නමුත් පසුව මෙම පැහැදිලිව පෙනෙන කාරණය මිත්‍යාවක් බව George Martin විසින් විසිරුවා හැරියා. කතුවරයාට අනුව, Mother of Dragons ගින්නෙන් හානි කල නොහැක. එය අතිශයින් ප්‍රබල සංසිද්ධියකි. ඒවගේම Khal Drogo හිස මතට රත්තරන් වත් කල විට ඔහුගෙ සහෝදරයා වන Viserys මිය ගියා. මෙම අදහසට සහාය දක්වන ශක්තිමත් කරුණු තවත් තිබේ :ඛේදජනක සිදුවීමක දී Rhaegar Targaryen උපත ලද අතර එහිදී බලකොටුවේ ඇති වූ ගින්නෙන් ඔහුගේ ඥාතීන්ගෙන් වැඩි දෙනෙකු මිය ගියා.
2- මිත්‍යාව. Targaryens දැනටමත් රාජධානි 7ක් පාලනය කරයි.
Daenerys සමග සමීපව සිටින ජනයා පවසන අන්දමට Iron Throne වල එකම නීත්‍යානුකූල උරුමක්කාරයා ඇය බවට පත් වෙන්නේ රාජධානි 7ක් ඇගේ මුතුන් මිත්තන් විසින් පාලනය කල බැවිනි. නමුත් මෙය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ. පළමු Targarien රජු Aegon ට පෙර, රාජධානි 6ක් පමනක් මෙයට යටත් වූ අතර Dorne පමනක් ස්වාධීනව සිටීමට සමත් විය. ශතවර්ෂ 2 කට පසුව Daenerys, Maron Martell සමග විවාහ වීමෙන් පසුව Dorne සාමකාමීව Targaryens සමග එක් විය. Dorne කිසි විටෙකවත් පරාජයට පත් වූයේ නැති අතර තමන්ගේ නීති සහ සම්ප්‍රදායන්ද පවත්වාගෙන යාමට සමත්ව තියෙනවා.
3- මිත්‍යාව. ගැබිනි Sansa.
Ramsey ගේ සහ Sansa ගේ විවාහයෙන් පසුව, බොහෝ රසිකයන් Bolton වල සිට ඇය ගැබ්ගෙන ඇති බව විශ්වාස කලා. නමුත් නිලිය විසින් එය තමාගේ ඇදුම මදක් එසවී තිබුනු දර්ශනයක් නිසා සෑදුනු කටකතාවක් බව පවසමින් ප්‍රතික්ෂේප කර සිටියා. නමුත් බොහෝ දෙනෙක් ඇයගේ එම කතාව විශ්වාස කිරීමට පෙලඹුනේ නැහැ.
4- මිත්‍යාව. Melisandre විසින් Stannis Baratheon පාලනය කලා.
රතු කාන්තාව Stannis Baratheon වෙත ආකර්ෂණය වූ බව හා ඔහුව රූකඩයක් ලෙස පාලනය කල බව නරඹන්නන් විශ්වාස කලා. නමුත් ඇත්ත වශයෙන්ම, Stannis Baratheonc ට Melisandre ව අවශ්‍ය වෙන්නේ Iron Throne ලබා ගැනීමට උපකාර සදහා පමනයි. Melisandre අවසානය දක්වාම මේ බව දැන ගන්නේ නැහැ.
5- මිත්‍යාව. Arya Stark මිය ගියා.
බොහෝ රසිකයන් සිතුවේ කිසිවිටෙකත් Waif ඝාතනය කිරීමට සමත් නොවූ බවත් දැන් Waif, Arya ගේ මුහුණ තුල සැගවී සිටින බවයි. නමුත් අපි Waif ගේ මුහුණ නිවසේ බිත්තියේ සුදු සහ කළු ආකාරයෙන් තිබෙනු දුටු නිසා මේ න්‍යාය අනිවාර්යෙන්ම සත්‍යයි. Arya ගේ මුහුණට Jaqen H’ghar ආර්යාගේ මුහුණින් ඇති බවක් පෙනෙන්නට නොලැබේ. Arya සතු වූ මතකයන් ඔහු තුළ නැත. ඇය සෑම දෙයක්ම මතක තබා ගනී.
6- මිත්‍යාව. Ned Stark ජීවතුන් අතර සිටියි.
Ned Stark ඝාතනය කර වසර ගණනාවක් ගත වී තිබුනත් ප්‍රේක්ෂකයන් තවමත් ඔහු පැමිනෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියි. මෙහි දී ඇතැම් faceless මිනිසුන් Ned Stark බව පෙනෙන්නට සිටි අතර lord බේරා ගැනීම සදහා Varys ට මේ අතරින් කෙනෙක් කුලියට ගැනීමට හැකිවිය. නමුත් බලපොරොත්තු නොවුනු ලෙස faceless මිනිසුන්ට ඔවුන්ට ඇතුල් වීම සදහා පුද්ගලයකු මරා දැමීමට සිදු වුනු නිසා ඒ මතය පිලිගත නොහැකියි.
7- මිත්‍යාව. White Walkers යනු මරණින් අවදි වුනු පුද්ගලයන්ය.
White Walkers හමුදාව අර්ධ වශයෙන් Wights වලින් සාදා ඇති බව පෙනෙන්නට තිබේ – ඇවිදින මලවුන්. White Walkers වරු zombie නොවෙන අතර මැජික් හැකියාවන් ඇති පුරාණ ජාතියක් ලෙස හදුන්වනවා. අමුත් White Walkers යනු මියගිය මිනිසුන් නැවත පනලබා පැමිනියවුන් නොවේ, තමන්ට අවනත වූ සොල්දාදුවන් බිහි කිරීමට ඔවුන්ව වනාන්තරයේ දරුවන් විසින් නිර්මාණය කර ඇත. නමුත් හැම දෙයක්ම පාලනයෙන් බැහැර වූ අතර Night King ඔවුන් වෙනුවෙන් සටන් කිරීමට මලවුන් භාවිතා කරන තමන්ගේම හමුදාවක් නිර්මාණය කලා.
8- මිත්‍යාව. Bran Stark හට අනාගතය වෙනස් කල හැක.
බොහෝ නරඹන්නන්, White Walkers වරු සහ මිනිසුන් අතර epic සටනේදි, Night King අල්ලා ගැනීමට සහ රාජධානි 7 බේරා ගැනීමට Bran කටයුතු කරනු ඇති බවට බොහෝ බලාපොරොත්තු තබා ගෙන සිටියා. නමුත් Three-Eyed Raven ප්‍රකාශ කලේ අතීතය දැනටමත් ලියා ඇති බව සහ තීන්තද වියළී ඇති බවයි. මෙයින් අදහස් වන්නේ කාලයත් සමඟ ගමන් කරන Bran කියන දේවල් අනාගතයට බලපාන බවයි. Hodor සමග මෙම රීතිය ක්‍රියාත්මක වූ ආකාරය මගින් එය පැහැදිලි වෙනවා. නමුත් අවසාන සටනේදි Bran ට ප්‍රධාන කාර්ය භාරයක් නැති බව එයින් අදහස් වෙන්නෙ නැහැ.
9- මිත්‍යාව. චරිත 5කට ප්‍රතිරෝධයක් දැක්වීමේ හැකියාවක් ඇත.
බොහෝ රසිකයන් විශ්වාස කලේ මෙම චරිත 5 කිසි දිනක මරණයට පත් නොවන බවයි: Daenerys, Jon Snow, Tyrion, Arya සහ Bran Stark. නමුත් මෙය ජෝර්ජ් මාටින්ගේ ලැයිස්තුවේ ඔහු විසින් ලියන ලද පොත් වලින් වඩා බෙහෙවින් වෙනස් වූ නිසා, චරිතයන්ගෙන් කිසිවෙකු පරිපූර්ණ ආරක්ෂිත බවට බලාපොරොත්තු නොවිය හැකිය.
10- මිත්‍යාව. කතා මාලාවේ කිසිදු ප්‍රධාන චරිතයක් නොමැත.
කතා මාලවේ ප්‍රධාන චරිතය කවුරු වෙන්න පුලුවන්ද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? Daenerys? නැත්නම් Jon Snow? නමුත් පසුව කල චරිත අතර තිබෙන සම්බන්ධය අධ්‍යනය කිරීමේදී තහවුරු වුනේ Game of Thrones සදහා ප්‍රධාන චරිතයක් තිබෙන බවයි. ඔහුගේ නම Tyrion Lannister.
11- මිත්‍යාව. ප්‍රධාන චරිත මිය යන්නේ කෙසේද?
ලේඛකයන් විසින් මරනු නොලැබූ චරිත 5 නීතිය බිද දමනු ලැබුවා. ඒවගෙම Tyrion සමග Iron Throne හිමිකර ගත්තත් සියල්ල අවසන් නොවෙන බව පෙන්නට තිබෙනවා. ඔබ වඩාත් සැලකිලිමත් ප්‍රේක්ෂකයෙන් නම් මේ ආකර්ෂණීය රටාව දැකලා ඇති.
• Ned Stark, Night’s Watch පුද්ගලයකුගේ හිස සිද ඝාතනය කල අතර පසුව Ned ද ඒ ආකාරයටම ඝාතනය වුනා.
• Olenna Tyrell, Joffrey Baratheon හට වස ලබා දුන් අතර පසුව Olenna ද විෂ වීමකින් මිය ගියා.
• Ramsey ඔහුගේ සුලු මව සහ සහෝදයා සුනඛයන් යොදා මරනයට පත් කල ආකාරයෙන් ඔහුද මරණයට පත් වුනා.
• Roose Bolton කිනිස්සකින් හදවත පසාරු කර Robb ව මරණයට පත් කලා. Roose ද පසුව කිනිසි පහරකින් මිය ගියා.
• Catelyn Stark ගේ උගුර කපා මරා දමන ලෙස Walder Frey විසින් නියෝග කර සිටියා. පසුව Walder ගේද උගුර කපා දමා තිබුනා.
• Sand Snakes ඔවුන්ගේ ප්‍රියතම ආයුධයකින් ඝාතනය කර තිබුනා.
• Ygritte විසින් Olly ගේ දෙමවුපියන්ව ඊතල වලින් ඇන ඝාතනය කලා. ඇයද පසුව ඊතලයකින් මිය ගියා.
• Lysa Arryn, Moon Door හරහා මිනිසුන් ඝාතනය කරනු ලැබුවා. පසුව Petyr Baelish විසින් ඇයවද එම ආකාරයෙන් මරා දමනු ලැබුවා.
ඔබත් මේ කරුණු එක්ක එකඟ වෙනවද? අදහස් අපිට කියන්න. සුබ දවසක්…
Connect with us