තනිව නිදා ගැනීමට වඩා යමෙකු අසල නිදා ගැනීම මානසික ආතතිය අඩු කිරීමේ සිට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල නැංවීම දක්වා අපගේ සෞඛ්‍යයට ඉමහත් ප්‍රයෝජන රාශියක්ම ලබා දෙනවා. නමුත් මනෝවිද්‍යාඥයින් නම් ප්‍රකාශ කරන්නේ දෙදෙනෙක් නිදා ගන්නා ඉරියවුව මගින් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය පිලිබද බොහෝ දේවල් වගෙම නොකියන ගැටළු පිලිබදවද හෙලි කල හැකි බවයි.ඉතින් අපි අද ටිකක් හොයලා බලන්න හිතුවේ ඒ ගැනයි. අපේ සැබෑ හැගීම් තේරුම් ගැනීමටත් මේක හොද අවස්තාවක් විදියට පෙන්වා දෙන්න පුලුවන්.
1. හැදි ඉරියවුව
හැදි ඉරියවුව යනු ඉතාම සමීප සහ සැනසිලිදායක ඉරියවුවක් වන අතර එමගින් සමට සම ස්පර්ශ වීම මගින් වැඩි චිත්තවේගීය බැදීමක් ඇති වෙනවා. මෙහිදී “ලොකු හැන්දක්” ලෙස ක්‍රියා කරන සහකරු ඉතා ආරක්ෂිත සහ නිර්ලෝභී පුද්ගලයෙක් වන අතර “කුඩා හැන්දක්” ලෙස ක්‍රියා කරන සහකරු මෙම රැකවරණය පිළිබඳ හැඟීම භුක්ති විඳින නමුත් සම්බන්ධතාවය පත්වාගෙන යාම සදහා ඔහුට තව අමතර දේවල්ද අවශ්‍ය වෙනවා. කෙසේවුවද, මෙම ඉරියවුවේ නිදා ගන්න සහකරුවන්ට එකිනෙකා මත විශ්වාසය තැබිය හැකි අතර, එකිනෙකාට ආරක්ෂිත පරිසරක්ද නිර්මාණය කර ගැනීමට හැකිය.
මෙම ඉරියවුව හවුල්කරුවන් දෙදෙනාගේ සෞඛ්‍යයට යහපත් වන අතර එය පිටුපස පීඩනය වලක්වා ගැනීමටද උපකාරී වෙනවා. නමුත් මෙහිදී හවුල්කරුවන් දෙදෙනාම උරහිස් සහ දණහිසේ සන්ධි වලට හානියක් නොවෙන ආකාරයට ඉරියවුව පවතාගෙන යාමට වග බලා ගත යුතුය.
2. අන්තර් සම්බන්ධිත ඉරියවුව
සමීප වැලද ගැනීමකට සමාන මෙය අතිශයින්ම සංවේදී ඉරියවුවකි. මෙම ඉරියවුව නව යුවලවල් අතර ඉතා සුලභව දකින්න ලබෙනවා. නමුත් දිගුකාලීන සම්බන්ධතාවයක සිටින යුවලවල් මේ ඉරියවුවෙන් නිදා ගන්නේ ඉතාම කලාතුරකිනි. එවැනි විටෙක එය ඇදහිය නොහැකි ආශාව සහ බැදීම පිලිබද සංඥාවකි.
ඉතාම ආදරබර හැගීමක් තිබුනද සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත් විට මෙය හොද නිදා ගැනීමේ ඉරියවුවක් නොවේ. මෙහිදී සමීප ශරීර සම්බන්ධතාවය නිසා දෙදෙනාට හොදින් හුස්ම ගැනීමට අවස්තාවක් ලැබෙන්නේ නැති අතර හවුල් තදබදය නිසා ඔවුන්ට උදෑසන ශාරීරික අපහසුතා ඇති වීමටද ඉඩ තිබෙනවා.
3. පිටුපසට පිටුපස
මෙවැනි ඉරියවුවකින් නිදා ගන්නා යුවලවල් ශාරීරික සම්බන්ධතා භුක්ති විඳීමට කැමැත්තක් දක්වන නමුත් ඔවුන්ට ඔවුන්ගේම ඉඩක් තිබෙනවා. සම්බන්ධතාවයේ සමීපත්වය සහ පෞද්ගලික ස්වාධීනත්වය අතර නිරෝගී සමබරතාවයක් තිබෙන බව එයින් පැහැදිලි වෙනවා. එසේම මෙම ඉරියවුවේ නිදා ගන්නා හවුල්කරුවන් එකිනෙකා සමඟ සැපපහසු වන අතර ඔවුන්ගේ ආදරය සමබන්ධව වැඩි සහතිකයක් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ.
මෙහිදී දෙදෙනාම ඔවුන්ගේ පැත්තේ නිදා සිටින බැවින් මෙම ඉරියවුවේදී ඔවුන්ගේ පිටුපස සෞඛ්‍ය සම්පන්නය. එසේම ඔවුන් කැමති ආකාරයෙන් දෑත්ද තැබිය හැකිය. නමුත් හවුල්කරුවන් කැක්කුම් සහ වේදනාවන් වලක්වා ගැනීම සදහා සන්ධි සමග ප්‍රවේශම් වීමට වගබලාගත යුතුය.
4. ස්පර්ශයකින් තොරව මුහුණට මුහුණ බලා සිටීම
ස්පර්ශ නොකිරීම ගැටළුවක සංඥාවක් ලෙස පෙනුනද සැමවිටම එය එසේ නොවේ. නමුත් මෙම ඉරියවුවෙන් නිදා ගැනීමෙන් පෙන්වන්නේ හවුල්කරුවන් අවධානය, සමීපභාවය හෝ සන්නිවේදනය වැනි සම්බන්ධතාවයේ වැඩි යමක් ආශා කරන නමුත් තවමත් එය ලැබී නොමැති බවයි. නමුත් හවුල්කරුවන් එකිනෙකාට ඇහුම්කන් දීමට පුරුදු වෙනවා නම් තවදුරටත් මෙම ඉරියවුව ගැටළුවක් වෙන්නේ නැහැ.
ශාරීරික සෞඛ්‍ය සම්බන්ධයෙන් බැලූ විට මෙම ඉරියවුව සැපපහසු වන නමුත් හවුල්කරුවන් මානසික අපහසුතාවයන් ඇතිවීම වැළැක්වීමට උත්සාහ ගැනීම අවශ්‍ය වෙනවා. කෙසේ වුනත් මෙම ඉරියවුව සුව පහසුවෙන් හිද සංවාද පැවැත්වීමට වඩා හොද වන අතර එමඟින් සමීප සබඳතා වැඩි දියුණු කිරීමට සහ එකිනෙකාගේ හැඟීම් සහ අවශ්‍යතා පිළිබඳ විවෘත සංවාදයක් පැවැත්වීමට උපකාරී වෙනවා.
5. පපුව මත
මෙම ඉරියවුවෙන් නිදා ගන්නා යුවලයන් වලට ශක්තිමත් සහයෝගීතා කුසලතා ඇති අතර ඔවුන් කණ්ඩායමක් ලෙස එකිනෙකා විසින් හොදින් තේරුම් ගන්නවා. ඔවුන් එකිනෙකා කෙරෙහි විශ්වාසය තබන අතර ඔවුන්ගේ සියලු ගැටලුවලට මුහුණ දීමට සූදානම්ව සිටියද ආදරය සහ මුදු මොලොක් බව ඔවුන්ගේ සම්බන්ධතාවයේ ඕනා තරම් තිබෙනවා. හැදි ඉරියවුව සේම මෙම ඉරියවුවේදීද හවුල්කරුන්ගේ ආරක්ෂිත පැත්ත පෙන්වයි.
ආදර හැගීම් කොතරම් තිබුනත් මෙම ඉරියවුව පවත්වාගෙන යාම එතරම් පහසු වෙන්නෙ නැහැ. මෙහිදී සමට සම ස්පර්ශ වීම නිසා හවුල්කරුවන්ගේ ශරීරයේ හිරිවැටීම හෝ තද ගතිය වැනි අපහසුතා ඇති වෙන්න පුලුවන්.
6. ඇදේ විරුද්ධ පැති දෙකේ නිදා ගැනීම
එක් අතකින් බලනවිට මෙම ඉරියවුව හවුල්කරුවන්ගේ ස්වාධීනත්වය සහ ස්වයංපෝෂිත බව පෙන්නුම් කරනවා. නමුත් ශාරීරික සම්බන්ධතාවයක් නොමැතිකම සම්බන්ධතාවයේ යම් යම් ගැටළු සහ අමනාපයන් පෙන්නුම් කරනවා. හවුල්කරුවන්ට නින්ද ගිය විගසම මෙසේ එකිනෙකාගෙන් වෙන් වී නිදා ගැනීමට උත්සාහ කිරීම, ඔවුන්ගේ නොවිසඳුණු සැඟවුණු ගැටුමක කරදරකාරී සලකුණක් වෙන්න පුලුවන්.
මෙසේ එකිනෙකාගෙන් වෙන් වී නිදා ගැනීමට උත්සාහ කිරීම ඉහළ මට්ටමේ කලකිරීමක් සහ කාංසාවක් ද පෙන්නුම් කරනවා. මෙහිදී දුරස්වීම මගින් ගැටලුවලින් මිදී ඒවා නොසලකා හැරීමට ඔවුන් කැමැත්තක් දක්වනවා.
7. තාරකා මාළුවා
මෙම ඉරියවුව එක් හවුල්කරුවෙකුට සුවපහසු වුවද අනෙක් හවුල්කරුට දුෂ්කර වෙනවා. මෙහිදී “තාරකා මාළු” ඉරියවේ සිටින කෙනා ඇදේ වැඩිපුර ඉඩක් ගෙන අනෙකා ඇදේ කෙලවරට තල්ලු කර දමනවා. මෙම ඉරියවුව මගින් සම්බන්ධතාවයේ භූමිකාවන් බෙදා හරින ආකාරය පෙන්නුම් කරනවා. එහිදී “තාරකා මාළු” ඉරියවුවේ සිටින හවුල්කරු ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කර සියලු අවකාශයන් අවශෝෂණය කර ගන්න අතර අනෙකා තම අවශ්‍යතාවයන් අනෙකා වෙනුවෙන් කැපකිරීමට සහ අඩු කිරීමට නැඹුරු වෙනවා.
සෞඛ්‍ය ප්‍රතිලාභ සම්බන්ධවද තත්වය එසේමයි. “තාරකා මාළු” ඉරියවුවේ සිටින හවුල්කරුහට කොන්දේ වේදනාව සමනය කරගනිමින් සුවපහසු නින්දක් ගෙන ප්‍රබෝධමත්ව අවදිවීමට ඉඩ ලැබෙන අතර අනෙක් හවුල්කරුට බොහෝ විට රාත්‍රියේදි අඩු නින්දක් ලබා ගැනීමට සිදු වෙනවා. එසේම අවදි වන විට ඔහුට විවිධ ශාරීර අපහසුතා වලටද මුහුණ දීමට සිදු වෙනවා.
8. දෙදෙනාම උදරය මත
මෙම ඉරියවුව මගින් සම්බන්ධතාවයේ තිබෙන විශ්වාසය සම්බන්ධ ගැටළු කිහිපයක්ම පෙන්නුම් කරනවා. එයින් අදහස් වෙන්නේ හවුල්කරුවන් දෙදෙනාම එකිනෙකාගෙන් සැබෑ හැගීම් සැගවීමට උත්සාහ දරන බවයි. හවුල්කරුවන් කෝපය හා අනාරක්ෂිත භාවය සමඟ පොරබදමින් ඔවුන්ගේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කිරීමට පැකිලෙන්න පුලුවන්. මෙම ඉරියවුව නිදා ගැනිමේදී පුරුද්දක් බවට පත්වෙන බව ඔබ දකිනවා නම් ඔබේ සහකරු සමඟ අවංක සංවාදයක් පැවැත්වීමට මෙය හොදම කාලය බව මතක තබා ගන්න.
ඊට අමතරව උදරය මත නිදා ගැනීම සෞඛ්‍ය ගැටළු බොහෝ ප්‍රමානයක්ද ඇති කරනවා. විශේෂයෙන් කොදු ඇට පෙලට සහ පිටුපස පහල ප්‍රදේශයට මෙම ඉරියවුව මගින් අනවශ්‍ය පීඩනයක් ඇති කරයි. නමුත් ඔබට මෙම ඉරියවුවෙන් මිදීමට නොහැකි නම් කොඳු ඇට පෙළේ පීඩනය සමනය කිරීම සඳහා ඔබේ බඩ යටින් කොට්ටයක් තබා ගන්න.
9. කකුල වැළඳ ගැනීම
මෙම ඉරියවුව වඩාත් චිත්තවේගීය සම්බන්ධතාවයක් ඇති ආශාවේ මෘදු හා මොලොක් බව පිලිබද ලකුණකි. හවුල්කරුවන් දෙදෙනාම එකිනෙකාට මෙම ඉරියවුව සමග ප්‍රතිචාර දක්වනවා නම් එය සම්බන්ධතාවයේ ආදරය සහ ආශාව පෙන්වන හොද සළකුණකි. මෙහිදී හවුල්කරුවන් දෙදෙනාම සම්බන්ධතාවය සමිතියක් ලෙස දකින අතර එකිනෙකාට පක්ෂපාතීව කටයුතු කරයි. නමුත් එක් අයෙක් පමනක් සියලු ස්පර්ශයන් කරනවා නම් එය සමබන්ධතාවයේ සමබරතාවය පිලිබද ගැටළුකාරී තත්වයක් පෙන්නුම් කරනවා.
මෙම ඉරියවුව මගින් හවුල්කරුවන් දෙදෙනාටම නිදාගැනීමේ ස්ථාන සඳහා විවිධ විකල්පයන් සපයන අතර එමගින් දෙදෙනාටම වඩා හොද නින්දක් ලබා ගැනීමට අවස්තාව ලැබෙනවා.
10. ඉදිරිපසට ඉදිරිපස
මෙම ඉරියවුවේදී හවුල්කරුවන් එකිනෙකාට බැදී ඇති නමුත් ඔවුන් එකිනෙකාට වැඩි නිදහසක් ලබා දෙනවා. එසේම දෙදෙනාම තම සම්බන්ධතාවය පිලිබදව සතුටු වන බවද මෙම ඉරියවුව මගින් පෙන්නුම් කරනවා. එසේම එකිනෙකා සමග එකගව ජීවත් වෙන මොවුන් එකිනෙකාට ඉතාම සමීප බවක් පෙන්වනවා.
රාත්‍රී සංවාද පැවැත්වීම සදහා මෙම ඉරියවුව වඩා හොද වන නමුත් රාත්‍රිය පුරාවටම අනෙකාගේ හුස්ම වදින නිසා සෑම යුවලක් සදහාම මේ ඉරියවුව ප්‍රියමනාප වෙන්නේ නැහැ.
11. උරහිස මත හිස
මෙම ඉරියවුව සහකරුගේ පපුව මත නිදා ගැනීමේ ඉරියවුවට බෙහෙවින් සමාන වන නමුත් යම් යම් වෙනස්කම් ද දකින්න ලැබෙනවා. එහිදී එක් සහකරුවෙකු යම් සහයක් ලබා දීම සඳහා සැමවිටම සිටින ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කරන අතර අනෙක් තැනැත්තා උදව් සඳහා ඔහු හෝ ඇය වෙත නැඹුරු වීමට වැඩි කැමැත්තක් දක්වනවා. එයින් පෙන්නුම් කරන්නේ එක් හවුල්කරුවෙකු වඩා ආධිපත්‍යයක් දරන නමුත් සෞඛ්‍ය සම්පන්න ආකාරයකින් සම්බන්ධතාවය පවත්වාගෙන යාමට විශ්වාසය සහ ප්‍රේමය එය තුල පිරී ඇති බවයි.
කෙසේ නමුත් මෙම ඉරියවුවෙන් රාත්‍රිය පුරා නිදා ගැනීම මගින් අත්පා හිරි වැටීම සහ කැක්කුම් ඇතිවීම වැනි අපහසුතා වලට බොහෝ විට මුහුණ දීමට සිදු වෙනවා.
12. ටෙතර්බෝල්
රාත්‍රියේදී විවිධ ඉරියවු වලින් නිදා ගැනීමට කැමති යුවලවල් සදහා ටෙතර්බෝල් පරිපුර්ණ වෙනවා. නමුත් යම් යම් ශාරීරික සම්බන්ධතා පැවැත්වීමටද මෙහිදී අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට එක් හවුල්කරුවෙකු කලලරූපී ඉරියවුවෙන් නිදා සිටින විට අනෙකාට පිටුපස පැත්තෙන් නිදා ගෙන එක් අතක් අනෙක් සහකරුගේ පිටුපසින් තැබිය හැකිය. එම ඉරියවුව මගින් හවුල්කරුවන් එකිනෙකා ගැන සැලකිලිමත් වන බවත් එකිනෙකාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සම්මුතියක් ඇති කිරීමට සූදානම් වන බවත් පෙන්නුම් කරනවා.
එසේම මෙම හවුල්කරුවන්ට තම සහකරු කෙරෙහි ඇති ආදරය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නමුත් ඔවුන්ගේ සැලකිල්ලෙන් හා අවධානයෙන් අනෙකාගේ හුස්ම හිර කිරීමට ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. හවුල්කරුවන් දෙදෙනාටම රාත්‍රියේදී වඩා හොද නින්දක් ලබා ගැනීමට මෙම ඉරියවුව උපකාරී වෙනවා.
සුබ දවසක්.
Connect with us