හොදට සැලසුම් කරලා කිසිම අඩුපාඩුවක් ඇතිව හැමදේම සූදානම් කරගෙන අපි කවුරුත් ට්‍රිප් එකක් යන්න සූදානම් වෙන්නේ හරිම උද්යෝගයෙන්.. විශේෂයෙන් ගොඩක් දෙනෙක් ඉතින් ට්‍රිප් එකක් යන්නේ පට්ට Photos ටිකක් ගන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන්ම තමයි. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට අන්තර්ජාලය තුල ඡායාරූප වලින් දකින විදියට අපි යන තැන් ලස්සන වගේම ආකර්ෂණීය නැහැ කියලා තේරෙන්නේ ඒ තැන් වලට ගියාට පස්සෙයි. ඒ වගෙම අපි හිතපු විදියට ඡායාරූප එහෙමත් ගන්න බැරි වුනාම පොඩි දුකකුත් අපිට ඇතිවෙනවා. අනිවාරෙන්ම ඔබත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා ඇති. ඉතින් අපි අද අරගෙන ආවෙත් අන්තර්ජාලයෙන් හමුවුනු එවැනි ඡායාරූප එකතුවකුයි.
1. යන්න ඕනේ වුනේ නම් Rushmore කන්ද බලන්නයි. ඒත් එතනට ගියාම මීදුම අස්සේ කන්ද සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා.
2. පැය 9ක් එක දිගට කාර් එකේ මේ තැනට ගියේ ලස්සන Photo එකක් ගන්න හිතාගෙන. ඒත් ඉතින් වැඩක් වුනේ නැහැ.
3. Machu Picchu කන්දේ මේ තත්වය ගැන ලාමා නම් ඒ තරම් පුදුම වෙලා නෑ වගේ.
4. බිග් බෙන් බලන්න කොච්චර ආසා හිතුනත් මේ කාලෙදි නම් ලන්ඩන් වලට යන්න හිතන්නවත් එපා.
5. ගෝල්ඩන් ගේට් පාලම ලග සෙල්ෆියක්.. පාලම තමයි පේන්න නැත්තේ.
6. ලස්සන දර්ශනයක් එක්ක Photo එකක් ගන්න තමා මේ තරම් උඩට නැග්ගේ. ඒ වුනාට..
7. Grand Canyon වල අත්දැකීම තමයි මේ.
8. මෙහෙම හරි ගන්න ලැබුනු එක කොයි තරම් වටිනවද.
9. “පැය 2ක ගමනකින් පස්සේ වැරදි නැවතුමකින් තමයි මම දුම්රියෙන් බැහැලා තියෙන්නේ. ඒත් ඉතින් ෆූජි කන්ද ලගටම හරි ආවනේ..”
10. Norway scenery karma ඇත්තටම තිබුනේ මෙහෙමයි.
11. කන්දක් තිබුනද කියලා සලකුණක්වත් හොයා ගන්න බැහැනේ.
12. පාට වෙනස් වුනාට අඩුම තරමේ දිය ඇල්ල හරි තියෙනවනේ.
13. “පැය 8 ක ගුවන් ගමනක්, සති 5 ක අපේක්ෂාවක් සහ මොහර් කඳු බෑවුම් තරණය කිරීම සඳහා පැයක දිගු බස් ගමනක්.” ඒත් අන්තිම ප්‍රතිඵලය කණගාටුදායකයි..
14.මේක ඇත්තටම හරි තැන වෙන්න පුලුවන්ද?
15. දෘෂ්‍ය මායාවල් බලන්න ටිකක් පරක්කු වෙලා ගියාම මෙහෙම වෙනවා..
ඔබ සතුවත් මෙවැනි අත්දැකීම් වල ඡායාරූප තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න. සුබ දවසක්..
Connect with us