ලෝක සෞඛ්ය සංවිධානයට අනුව, පසුගිය අවුරුදු 40 පුරා ලෝකයේ තරබාරුකම තුන් ගුණයකටත් වඩා වැඩිවෙලා තියෙනවා. ගොඩක් දෙනෙක්ට තියෙන කාර්යබහුලකම නිසා තමයි බර අඩුකර ගැනීම සිහිනයක් පමනක් වෙලා තියෙන්නේ. ව්‍යායාම වල නිරත වෙන්න, කැලරි ගණනය කරන්න අද කාලේ ගොඩක් දෙනෙක්ට වෙලාවක් නැහැ. ඉතින් මේ නිසා අපි අද බර වැඩිවෙන්න බලපාන එදිනෙදා කරන වැරදි පුරුදු කිහිපයක් ගැන තමයි ඔයාව දැනුවත් කරන්න හදන්නේ. මේ දේවල් වලින් ඈත් වුනොත් විශේෂ දෙයක් නොකර තරබාරුකමට බායි කියන්න ඔයාට පුලුවන් වෙයි.
1. උදේ ආහාරය මගහැරිම.
පර්යේෂකයන් තහවුරු කරලා තියෙන විදියට උදේ ආහාරය මගහරින අයට වඩා උදේ ආහාරය ගන්න අයට අඩු බරක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වැඩිහිටියන් 350 සම්බන්ධ කරගෙන කරල තියෙන මේ පරික්ෂණය අනුව උදේ ආහාරය ලබා ගත් අයගේ ඉන ප්‍රදේශය උදේ ආහාරය නොගත් අයගේ ඉන ප්‍රදේශයට වඩා කුඩා වෙලා තියෙනවා. මේක ඇත්තටම තර්කානුකූලයි. මොකද දන්නවද උදේ ආහාරය මගහරින අය දහවල් ආහාරයට ඉතා විශාල කෑම ප්‍රමානයක් ආහාරයට ගන්න පෙලඹෙනවා. ඉතින් බර වැඩි වෙන අහන්නත් දෙයක්ද?
2. ප්‍රමානවත් තරම් වතුර පානය නොකිරිම.
ජලය වැඩි වශයෙන් පානය කිරීම කැලරි දහනය කර ගැනීමට හා බර අඩු කර ගැනීමට උපකාර කරනවා. මෑත කාලීනව තරබාරු කාන්තාවන් යොදා ගෙන කරලා තියෙන පරික්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා වසරක් තුල, දිනකට වතුර ලීටර් 1කට වඩා වැඩියෙන් පානය කල කාන්තාවන්ගේ බර 2kg කින් පමන අඩු වෙලා තියෙනවා කියලා. ඉතින් හැම වෙලාවෙම වෙනත් පානවර්ග තෝර ගන්නවා වෙනුවට ප්‍රමානවත් තරම් ජලය පානය කරන්න පුරුදු වෙන්න.
3. රාත්‍රියට ප්‍රමාද වෙලා ආහාර ගැනීම.
අධ්‍යනයකින් හෙලි වෙලා තියෙන්නේ ඔයාට අමතර බරක් අඩු කර ගන්න වුවමනා නම් ප්‍රමාද වෙලා ආහාර ගැනීමෙන් වලකින්න කියලයි. මොකද රාත්‍රියට ප්‍රමාද වෙලා ආහාර ගැනීමෙන් වෙන්නේ කැලරි දහනය වෙනවාට වඩා මේදය ලෙස ඒවා ශරීරය තුල තැන්පත් වීමයි. ඒ නිසා රාත්‍රියට කලින්ම සැහැල්ලු ආහාරයකින් සෑහීමකට පත් වෙන එක තමයි වඩාත් සුදුසු.
4. නිදා ගැනීමට අකමැති වීම.
ප්‍රමානවත් තරම් නින්දක් ලබා නොගැනීම ඔයාගේ බර වැඩිවෙන්න ප්‍රදාන වශයෙන් බලපානවා. නින්ද අහිමි වීම මන්දගාමි පරිවෘත්තියකටද හේතුවක් වෙනවා. ඒ නිසා දිනකට පැය 7කවත් සුවදායි නින්දක් ලබා ගන්න.
5. මේද රහිත ආහාර ගැනීම.
මෙහි පරස්පර බවක් පෙනෙන්නට තිබුනත්, මේදය නැති ආහාර ගැනීමෙන් ඔබට අමතර බරක් එකතු වෙන්න පුලුවන්. මොකද මේදය රහිත බව අපි දන්නා නිසාම වැඩියෙන් එම ආහාර ගැනීමට පෙලඹීම නිසයි. ඒ වගෙම කිරි නිෂ්පාදන වලින් මේදය ඉවත් කිරීමෙන් කැල්සියම් හා විටමින් A සහ D අවශෝෂණය කර ගැනීමට බාදා වෙනවා.
6. ආහාර ගැනීමේදී වෙනත් දෙයකට අවදානය යොමු කිරීම.
ඔයා ආහාර ගන්න සූදානම් වෙනවා නම් රූපවාහිනිය නැරඹීම හෝ සමාජ ජාලා පරිහරණය කිරීමෙන් වලකින්න. අධ්‍යනයකින් හෙලි වෙලා තියෙන්නේ ආහාර ගැනීමේදි අවදානයෙන් ඈත්වීම විශාල ආහාර ප්‍රමානයක් ගැනීමට හේතුවෙනවා කියලයි. ඉතින් ආහාරය පරිභෝජනය කරන විට එයට අවදානය යොමු කරගෙන ආහාරයට ගැනීමෙන් එහි රස භුක්ති විදින්න වගෙම පාලනයකින් යුතුව ආහාරයට ගන්නත් පුලුවන් වෙනවා.
7. මත්පැන් පානය පාලනය.
බියර් පානය කිරීමෙන් බඩවැල් වල අධික මේදයක් තැන්පත් වෙනවා වගෙම, වෙනත් ඕනැම ආකාරයක මත්පැන් පානය ශරීරයේ බර වැඩි වෙන්න හේතු වෙනවා. ඒනිසා ඔබ ඔබේ බර ගැන හිතනවා නම් අනිවාරෙන්ම මත්පැන් පානය අඩුකලයුතු වෙනවා.
8. මුලු දවස පුරාම අසුන්ගෙන සිටීම.
අධ්‍යනයකදි තරබාරුකම හා වාඩි වි සිටින කාලය අතර සම්බන්ධයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒනිසා සෑම මිනිත්තු 60-90කට වරක්ම නැගී සිටිය යුතු බව හොදින් මතක තියා ගන්න. පුටුවේ සිටම සරළ ව්‍යායාමයක නිරත වෙන්න හෝ මදක් ඇවිදින්න පුරුදු වෙන්න.
ඔයාටත් මේ වගේ පුරුදු තියෙනවා නම් එයින් ඈත්වීමට උත්සාහ කරන්න. ඔයාගේ අදහසුත් අපිට කියන්න. මේ වගේ තවත් අපූරු ලිපියකින් ආයෙත් හමුවෙමු.
Connect with us