සාමාන්‍යයෙන් කල්ලියක් කියන්නේ එක සමාන පුද්ගයන් කිහිපදෙනකුගේ එකතුවක් නේ.ඒත් දැන් දැන් ලෝකයේ, හොරකම් වලට, මැරකම් වලට වගේම වෙනවෙන අරමුණු වෙනුවෙන් හදා ගත්ත කල්ලි බොහෝමයක් තියෙනවා.අද අපි කියන්නේ ඒ වගේ විවිධ අරමුණු හේතුවෙන් ඇතුවුන කල්ලි ගැන.
1.ප්‍ර0ශය-Racaille
මේ කල්ලියේ ඉන්නේ ප්‍රංශ ජාතිකයන්.මෙයාලා Lacoste කියන වෙලද නාමයෙන් එන භාන්ඩ වලට ප්‍රිය කරනවා.(අර කිඹුලෙක් ඉන්නේ). ඒ වෙළඳ නාමයෙන් එන ඉනට බඳින බෑග් මෙයාලා නිතර පැළද ගෙන ඉන්නවා. මෙයාලාගේ විලාසිතා වල තියෙන තව දෙයක් තමයි,කලිසමේ අග කොටස මේස් වලින් වහගෙන ඉන්න එක.මේ Racaille ලා බොහෝවිට නගරසාන්න දුම්රිය නැවතුම් වල ඉන්නවා.ඒ ගමන්ම බෑග් හොරකම් කරන්නත් මෙයාලා කැමතියි.
2.ඇමරිකා එක්සත් ජනපදය-White trash
ඇමරිකාවේ පහත් සමාජ මට්ටම් වල කල්ලියක් තමයි White trash කියන්නේ.මේ නිතරම බීමතින් සිටින පිරිසක්. මොවුන් ජිවත් වෙන්නේ trailer parks වල ( trailer වල තියෙන තාවකාලික ගෙවල්).මොවුන් බොහොමයක් දෙනා රැකියා විරහිත අය. නිතරම බියර් බොමින්,රණ්ඩු සරුවල් වල පැටලෙන්න නම් හරිම කැමතියි.
3.එංගලන්තය-Chavs
Chavs දුප්පත් නාගරිකප්රදේශවල ජීවත් වෙනවා . ලන්ඩන් වල වාහන තදබදය ඔවුන්ට කරදරකරීයි. Chavs පෙනුමෙන් සාමාන්‍ය මැරවරයන් වගේමයික්රීඩා ඇඳුම්, සිගරට් සහ ප්ලාස්ටික් වීදුරු නිතරම ඔවුන් අතේ තියෙනවා. ජනතාවගේ මුදල් පැහැර ගැනීම , වීදිවල අනතුරු සංඥා නාද කිරීම, පොදු ස්ථානවල මත්පැන් පානය කිරීම ආදී කටයුතුවල මොවුන් නිතරම පාහේ නිරත වෙනවා.
4. ජපානය -Yankii
Yankii කියන්නේ ජපානයේ වැඩ කරන පංතියේ ගැටවරයන්ගේ කල්ලියක්. මොවුන් yakuza තරම් භයානක කල්ලියක් නෙවේ. මොවුන් කරන්නේ අන් අයට කරදරකාරි ලෙස කෑ ගැසීම,අනෙක් අය බිය වැද්දීම, ජපන් වීදී වල කරදරකාරී ලෙස හැසිරීම වගේ දේවල්.මොවුන් gangsta-rap වලට සවන්දෙමින් , sake බොමින් හැසිරෙනවා. මොවුන් නිතරම දකින්න ලැබෙන්නේ,මෝටර් සයිකල් වල. මේ අයගේ තවත් එක් විශේෂයක් වෙන්නේ කොණ්ඩේ තඹ හා තැඹිලි ලෙස වර්ණ ගන්වා තිබීමයි.
5.ඉන්දියාව- Tapori
Tapori කියන්නේ ඉන්දියාවේ වීදීවල ඉන්න කල්ලියක්. ජෙල් අලේප කරලා,ලොකු රත්තරං පැහැති මාලයක් දාලා,රත්තරං දතකුත් සවිකරගෙන තමයි මොවුන් ඉන්නේ.මොවුන්ගේ හීනය තමයි දිනක බොලිවුඩයේ තරුවක් වෙන එක.මෙයාලාගේ ප්‍රධාන වැඩේ තමයි සංචාරකයන් කලබල කරන එක.
6.ස්පාඤ්ඤය-Cani
මේ දක්ෂිණ-ස්පාඤ්ඤ මැරයා හදුනා ගැනීම ඉතා පහසු ය: ඔවුන් පෙනුමෙන් උකස් බඩු කඩයක් වගේ. මුදු, රන් දම්වැල් වැනි දේ ඔවුන් කොල්ලකා ඒවා පැළද සිටිනවා. මොවුන් පොදු ප්‍රවාහන වලදී ශබ්ද සංගීතයට ඇහුම්කන් දීමට කැමති වන අතර, කාලගුණය නොතකා අව් කණ් නාඩි පැළදීම , ටී-ෂර්ට්, ජැකට් පැලද ගෙන ඉන්නවා. ඔවුන් දිනපතාම සුරා මතින් ඉන්න නිසා ,සටන් ආරම්භ වීම නම් නිතරම වගේ සිදුවෙනවා.
7.ස්කොට්ලන්තය-Ned
මොවුන් ජීවත් වන්නේ ස්කොට්ලන්තයේ තදාසන්නප්රදේශවලයි. ඔවුන් ඉතාමත් ආක්‍රමණශීලි වන අතර ,නිතරම මත්පැන් පානය කර සිටිනවා . ඔවුන්ගේ නිල ඇඳුම වෙන්නේ ක්‍රීඩා ඇදුමක්, පිහියක්, සහ අමුතු මුහුණක්. ඔවුන්ගේ ක්‍රියා කාරකම් නම් ඉතා නින්දිත හා වදහිංසාකාරියි.
8.ඊශ්‍රායලය-Ars
මේ කල්ලියේ උප සංස්කෘතික අංග ආගම සමග බැදි තියෙනවා. ඇදුම් පලදුමේ එනසට තියෙන්නෙ සම්ප්‍රදායික හිස් වැස්ම වෙනුවට බේස්බෝල් හිස් වැස්මක් පැළදීම.මොවුන් ඊශ්රායලයේරැප් සංගීතයට ප්‍රිය ක්රන තර, නිතරම රත්තරං රාශියක් පැළද ඉන්නවා.ඉතා පහත් විදියට සකසන ලද මෝටර් රථ වල ගමන් කරමින් පොදු ස්ථානවල වල රණ්ඩු කරමින් බීමතින් කාලය ගත කරනවා.
9.දකුණු අප්‍රිකාව-Zef
aඅතීතයේ නම් Zef ලා කියන්නේ ධනවත් කට්ටියක් . පස්සේ මේ තත්වයවෙනස් උනත් මොවුන් දැනටත් ඒ තත්වය රැකගන්න උත්සහ කරනවා. Die Antwoord සංගීත කණ්ඩායමත් අයිති වෙන්නේ මේ කල්ලියට.
10.රුසියාව -Gopnik
මේ රුසියානු අපරාධ ලෝකයේ තවත් එක් කුඩා නියෝජනයක්.මොවුන් තමන් වටා ඉන්න පිරිස සමග සමාන ලිංගික මනාපයන් ගැන කථා කිරීමට කැමතියි. මුදල් පැහැර ගැනිම් මගින් ඔවුන් නිතරම බලපුළුවන්කාරකම් පෙන්නවා.
මොකද හිතෙන්නෙ?මෙතැන තියෙන්නේ 10ක් විතරයි . හැබෑයි දැන් දැන් අපේ ලෝකයේ මේ වගේ කල්ලි බිහිවිමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ දේ ඇත්තටම සමාජීය වශයෙන් අපි හැමෝටම ලොකූ බලපෑමක් කරනවා. මේ ගැන අදහස් කියන්න. වැදගත් නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. සුභ දවසක්!
Connect with us