සෑම දෙමවුපියෙක්ම තම දරුවන්ට වඩා හොද ජීවිතයක් ලබා දීමට තමයි උත්සාහ කරන්නේ. ඒ සදහා ඇතැම් දෙමවුපියන් දරුවන්ට අලුත් අලුත් සෙල්ලම් බඩු අරගෙන දෙනවා, තවත් සමහරුන් දරුවන්ව ඉලක්ක කරා මෙහෙයවීමට වගෙම හික්මවීම සදහා දැඩි පිලිවෙත් අනුගමනය කරනවා වගෙම තවත් අය තනිව තීරණ ගැනීමට ඉගැන්වීම සදහා දරුවන්ගේ තිරණ දරුවන්ටම ගැනීමට ඉඩ ලබා දෙනවා. හැම පවුලකටම මේ වගේ තමන්ගේම හැසිරීම් රටාවක් තියෙනවා. නමුත් මේ සෑම දෙමවුපියෙක්ටම පොදු වුනු එක දේකුත් තියෙනවා. ඒ තමයි “අනාගතයේදී ආපසු හැරී බැලූ විට ඔවුන් හැම කෙනෙක්ටම තමන් සිදු කල වැරදි කිහිපයක් නිවැරදි කිරීමට අවශ්‍ය වෙනවා.”
ඇයි මෙහෙම වෙන්නේ?
දරුවන්ගේ ළමා කාලය නැවත පැමිනෙන්නේ නැහැ. ඒ නිසා අනාගතයේදි ඒ ගැන පසුතැවිලි නොවී ඉන්න නම් දෙමවුපියන් වන හැම කෙනෙක්ම මෙන්න මේ වැරදි ටිකෙන් අදම අත්මිදිය යුතුයි..
1. දරුවන් කුඩා කාලයේදී ඔවුන් සමග සන්නිවේදනය නොකිරීම.
ළදරුවෙකුව සිට සාපේක්ෂව ස්වයං පෝෂිත පුද්ගලයකු ලෙස වර්ධනය වෙන කුඩා දරුවකුට අනිවාරෙන්ම වැඩිහිටියන් සමග නිරන්තර සම්බන්ධතා තිබිය යුතුයි. විශේෂයෙන් දෙමවුපියන් සමග තිබෙන සම්බන්ධතා ඔවුන්ගේ යහපත් වර්ධනයට බොහෝ සෙයින් බලපානවා. නමුත් අවාසනාවට වර්තමානයේ බොහෝ දෙමවුපියන් සිතන්නේ දරුවා සෙල්ලම් කරනවා නම් ඒ කාලය තමන්ගේ වැඩක් කර ගැනීමට තිබෙන හොදම කාලය කියලයි. මේ කාරණයේ සත්‍යතාවයක් තියෙනවා. නමුත් ඔබ මෙය පුරුද්දක් බවට පත් කරගෙන සිටිනවා නම් වැරදියි. මොකද කාලයක් යන විට දරුවා තමන්ගේම ක්‍රමයකට වර්ධනය වීමට පුරුදු වෙන්න පුලුවන්.
ඔබට අහිමි වෙන කාලය නැවත ලබා ගැනීමට ක්‍රමයක් නැහැ. ඒ නිසා දරුවාට ශාරීරිකව මෙන්ම මානසිකවද සමීප වීමට උත්සාහ කරන්න. දරුවන් සමග එකට ගත කරන කාලය සතුටින් භුක්ති විදින්න.
2. දරුවන්ව ප්‍රමානවත් තරම් වැලද නොගැනීම.
විද්යාඥයින් පවසන ආකාරයට ශාරිරික වැලද ගැනීම සෞඛ්‍යට හිතකරයි. එමගින් දෙමවුපියන් සහ දරුවන් අතර සමීප භාවය, ආදරණීය භාවය වැඩි දියුණු වෙනවා වගෙම තවත් වාසි බොහෝමයක් ලැබෙනවා. නමුත් වර්තමාන දෙමවුපියන් බොහෝ දෙනෙක් යල්පැනගිය ඒවා සේ සලකලා වගෙම දරුවන් එය ඔවුන්ගේ වාසියට යොදා ගනී යැයි සිතලා වැලද ගැනීම් සිදු කරන්නේ නැහැ.
නමුත් කාලයත් සමග දරුවා වර්ධනය වෙන විට, ඔවුන් ඔබව වැලද ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. ඒනිසා ප්‍රමාද නොවී ඔබට හැකි අවස්තා වලදී ඒ මොහොත හදවතින්ම රස විදින්න.
3. ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ ප්‍රමානවත් තරම් නොතිබීම.
ඡායාරූප ගැනීමට නොහැකි වීම මගින් දරුවාගේ මානසික තත්වය, සදාචාරාත්මක ගුණාංග හෝ ඔවුන්ගේ සෞඛ්‍ය කෙරෙහි කිසිදු අහිතකර බලපෑමක් සිදු කරන්නේ නැහැ. නමුත් අනාගතයේදී ඔබේ ජිවිතයේ වටිනාම මොහොතවල් මෙන්ම ඔබේ හැගීම් වැඩිහිටි වූ දරුවන් සමග බෙදා ගැනීමට මෙමගින් අවස්තාවක් නැතිව යන්න පුලුවන්.
ඒනිසා දරුවන් කුඩා කාලයේ සිටම ඔවුන්ගේ පලමු පියවරයන් මෙන්ම වැදගත් සියලුම අවස්තාවන් ඡායාරූප ගත කර ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන්න. නවීන තාක්ෂණයේ තිබෙන දියුණුව නිසා මේ දේවල් කිසිසේත්ම අපහසු දේවල් වෙන්නේ නැහැ.
4. දරුවාගේ පලමු වචන ලියා නොතැබීම.
දරුවන් වැඩිහිටි වූවායි පසු ඔවුන් සමග හැගීම් බෙදා ගැනීමට දරුවා පවසන පලමු වචන පොතක සටහන් කර ගැනීමත් ඉතාමත් හොද දෙයක්..
5. ඔවුන් සමග ප්‍රමානවත් තරම් නිර්මාණාත්මක ක්‍රීඩා නොකිරීම.
කුඩා කාලයේදීම දරුවන් සමග විවිධ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වල, ක්‍රීඩා වල නිරත වෙනවා නම් ඔබට පහසුවෙන්ම ඔවුන්ගේ දක්ශතාවය තිබෙන්නේ, ආශාව තිබෙන්නේ කුමන පැත්තටද යන්න හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. පසුකාලීනව ඒ මාර්ගය ඔස්සේ දරුවාව ඉදිරියට මෙහෙය වීමට ඔබට අවස්තාව තිබෙනවා. ඒ වගෙම එවැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම් මගින් දරුවාගේ භාෂා කුසලතාවය, බුද්ධිය, පරිකල්පන ශක්තිය වැඩි දියුණු වෙනවා වගේම දරුවා හා ඔබ අතර තිබෙන සම්බන්ධතාවයත් වැඩි දියුණු වෙනවා.
ඒනිසා පසුකාලීනව පසුතැවිලි නොවී දරුවාගේ හැකියාවන් කුඩා කාලයේදීම හදුනා ගැනීමට ඔවුන් සමග නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.
6. දරුවන්ට ඉතාමත් දැඩි වීම.
කුඩා කාලයේදී දරුවා අතින් වෙන සුලු අත්වැරදීම් හෝ නොදැනුවත්කම් වලට බොහෝ සැරපරුෂ වීමෙන් ඔවුන්ව යහමගට ගැනීමට හැකි වෙතැයි යම් දෙමවුපියෙක් සිතනවා නම් ඔවුන් වැරදියි. එසේ සැරපරුෂ වීමෙන් දරුවන් එම වැරැද්ද නැවත කිරීමට බිය වුනත් ඔවුන් චර්යාත්මක ගැටළු සහ සංවර්ධන ගැටළු රාශියක් සමග වර්ධනය වෙන්න පුලුවන්. ඒ වගෙම එමගින් ඔබ සමග දරුවන්ට ඉතාම දුර්වල සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ද ඉඩ තියෙනවා.
දරුවන්ට දඩුවම් කිරීමේදී ඔවුන්ගේ ඇත්තම කාරණාව සදහා පමනක් දඩුවම් කරන්න. ඒවගෙම දරුවන්ට දඩුවම් කිරීම පුරුද්දක් හෝ ඔබ ආවේගයන් පිටකිරීමේ මාර්ගයක් කර නොගන්න.
7. දරුවන්ගේ අදහස් සැලකිල්ලට නොගැනීම.
දරුවන් පවසන සෑම දෙයක්ම ඔවුන්ගේ නොදැනුවත්කම පිටින් දමා නොසලකා හැරීමට බොහෝ දෙමවුපියන් පුරුදු වී සිටිනවා. නමුත් දරුවන්ව එසේ නොසලකා හැරීම නිසා ඔවුන්ගේ අදහස් අනාරක්ෂිත වෙන්න පුලුවන්. ඒවගෙම එමගින් බාහිර පුද්ගලයන්ගේ බලපෑම් වලටත් දරුවා ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතිනවා.
දරුවන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න. ඔවුන්ගේ අදහස් වලට ඔබ ඇහුන්කන් දෙන බව හා ඒවා වැදගත් කොට සලකන බව දරුවාට ඒත්තු ගන්වන්න. යම් කරුණක් ප්‍රතික්ෂේප කරනවා නම් එයට හේතු දරුවාට හොදින් පැහැදිලි කර දෙන්න.
8. දරුවාව ප්‍රමානවත් තරම් සතුටු නොකිරීම.
ළමා කාලයේ තිබෙන හොද මතකයන් කියන්නේ කෙනෙකුට ජීවිත කාලයේදීම අමතක කරන්න පුලුවන් දේවල් නෙමෙයි. ඉතින් දරුවන් සමග නිවාඩු කාලය සතුටින් වෙනස් අන්දමකින් ගත කිරීම බොහෝ වැදගත්. එමගින් දරුවා නව අත්දැකීම් රාශියක් සමග, නිරෝගීව ක්‍රියාශීලීව වර්ධනය වෙනවා. දරුවා වැඩිහිටි වුනායින් පසුවද නව ජීවිතයක් ගොඩ නගා ගැනීමට මෙන්ම සාර්ථක සබදතා ගොඩ නගා ගැනීමටත් මෙමගින් අවස්තාව උදා වෙනවා.
දරුවන්ගේ ජීවිතයේ ප්‍රීතිමත් විය හැකි අවස්තාවන් ඔවුන්ට ලබා දෙන්න. ඔබත් ඔවුන් සමග ජිවිතය භුක්ති විදින්න.
9. අන් අයගේ උපදෙස් අනුගමනය කිරීම.
වැඩිහිටියන්ගේ උපදෙස් වලට ගරු කිරීම ඉතාම හොද දෙයක්. විශේෂයෙන් තරුණ මවුවරුන්ට වැඩිහිටි පුද්ගලයන්ගෙන් දරුවන්ව සෑදීම පිලිබද උපදෙස් විශාල ප්‍රමානයක් ඇතැම් විට ලැබෙනවා. ඒවා නොසලකා හැරිය යුතුයැයි අපි කියන්නේ නැහැ. නමුත් දරුවන්ට වඩා හොද දේ දන්නේ බාහිර පුද්ගලයන් නොව දෙමවුපියන් පමනයි. ඒනිසා වැඩිහිටි පුද්ගලයන්ගේ අදහස් වලට ඇහුන්කන් දුන්නද ඒවාම අනුගමනය කිරීමට තරුණ දෙමවුපියන් උත්සාහ නොගත යුතුයි.
බාහිර පුද්ගලයන් ඉදිරියේ කිසිම විටක දරුවාව අපහසුතාවයට පත් කිරීම හොද නැහැ. ඔවුන්ගේ වැරදි අඩුපාඩු පිලිබද තරවටු කිරීම හෝ දඩුවම් කිරීමද බාහිර පුද්ගලයන් ඉදිරියේ නොකල යුතුයි. ඒවගෙම දරුවන්ට සහාය අවශ්‍ය වන සැම විටම ඔබ ඔවුන්ගේ පැත්තේ සිටින බව දරුවන්ට හගවන්න.
10. වැදගත් අවස්තාවන් වලදී දරුවන් සමග නොසිටීම.
අපිට බැරෑරුම් ලෙස නොපෙනෙන සමහර දේවල් අපේ දරුවන්ට ඇත්ත වශයෙන්ම බැරෑරුම් වෙන්න පුලුවන්. ඒ නිසා දරුවන්ගේ ජීවිතයේ සෑම වැදගත් අවස්තාවකදීම ඔවුන් සමග සිටීමට උත්සාහ කරන්න. නැතිනම් අනාගතයේදී දරුවන්ගේ වැදගත් අවස්තාවන් ඔබට මගහැරුනායි දුක් වීමට සිදු වෙන්න පුලුවන්.
මේ කරුණු කාරණා එක්ක ඔබත් එකග වෙනවද? අදහස් පහලින් දක්වන්න. සුබ දවසක්..
Connect with us