හස්ත රේඛා මගින් ඔබ පිලිබදව බොහෝ පෞද්ගලික තොරතුරු හෙලි වෙනවා. මේ කියන තොරතුරු හදුනා ගැනීමට මුලින්ම ඔබේ අත් දෙකේ අල්ල එකට එකතු කරන්න. ඉන්පසුව ලැබෙන රේඛා රටාවට අනුව ඔබ පිලිබද හෙලිවෙන තොරතුරු නිවැරදි දැයි බලන්න.
1. රේඛා එකම මට්ටමක පිහිටීම.
මෙසේ සම මට්ටමේ රේඛා පිහිටන පුද්ගලයන් බැරෑරුම් අදහස් දක්වන අතර ස්ථිර සම්බන්ධතා කෙරෙහි වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගෙම තර්කානුකූල බවින් යුතු ඔවුන් ජීවිතයේ තියුණු වෙනස්කම් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.
ඒවගෙම ඔවුන් මෘදු චරිත සහිත සංවේදි පුද්ගලයන් වන අතර අන් අයගේ අදහස් පිලිබද නිරන්තරයෙන් සැලකිලිමත් වෙනවා.
2. වම් අතේ රේඛාව පහතින් පිහිටීම.
මෙවැනි පුද්ගලයන් සම්බන්ධතාවයක වැඩිහිටි පාර්ශවය වීමට වැඩි ඉඩක් පවතින අතර ඔවුන් ජීවිත කාලය පුරාවටම ප්‍රඥාවන්තයි. ඒවගෙම මෙවැනි රේඛා හිමි පුද්ගලයන් ප්‍රේමය ආදරය සම්බන්ධව සමාජීය නීති වලින් ස්වාධීනව සිටිනවා. ඔවුන් බොහෝවිට ඔවුන්ගේ හයවන ඉන්ද්‍රියෙන් සවන්දෙන අතර ඔවුන්ගේ අනුමාන වරදින්නේ ඉතාම කලාතුරකින්ය.
3. වම් පස රේඛාව ඉහලින් පිහිටීම.
මෙවැනි පුද්ගලයන් බැරෑරුම් සබදතා ගොඩනගා ගැනීමට ඉක්මන් නොවන අතර ඔවුන්ගේ සතුටේ හේතුව ලෙස ආදරය සලකන්නේ නැහැ. නමුත් ඔවුන් අවසානයට ඔවුන්ගේ ජීවිතයට යමෙක් තෝරා ගැනීමට තීරණය කල විට තමාට වඩා බාල කෙනෙක් හෝ වෙනස් ජාතියක කෙනෙක් තෝරා ගැනීමේ වැඩි හැකියාවක් පවතිනවා. දැඩි ආත්ම විශ්වාසයකින් සිටින ඔවුන් තම ආදරය බොහෝ විට ඇස් මගින් කියාපානවා. කාර්යශූර හා ස්වාධීන පුද්ගලයන් වන මොවුන්ට පහසුවෙන් දුෂ්කරතා ජය ගැනිමේ හැකියාව තියෙනවා.
මේ කරුණු ඔබේ චරිතය සමග ගැලපුනාද? අදහස් අපිට කියන්න. මිතුරන් අතරත් share කරන්න.
Connect with us