ශ්‍රී ලංකානු කලු කොටියා මේ වන විට වදවී ගොස් අවසන් බව පරිසරවේදින් විසින් තහවුරු කර තිබුනද මෑතදී සියල්ලන්ම පුදුමයට පත් කරමින් එම සත්ව විශේෂය තවමත් නොනැසී ජීවත් වෙන බවට සොයාගෙන තිබෙනවා. ලෝකයේ කොටි විශේෂ 8 ක් පමන මේ වන විට සොයා ගෙන තිබෙන අතර ඒ අතරින් ශ්‍රී ලංකානු කලු කොටියාට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. එයට හේතුව ඔවුගේ සීමිත ගහණයයි. මෙම කොටි විශේෂය ශ්‍රී ලංකා කොටියා නැමති උපවිශේෂයේ වර්ණ ප්‍රභේදයක් විදියට සැලකෙනවා.
මීට පෙර කලු කොටියාගේ අවසන් පුරුක ලෙස තොරතුරු සටහන් වී තිබුනේ පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශයේ උගුලකට හසු වී මිය ගිය සත්වයෙකි. එම කොටියා මෙම විශේෂයේ අවසාන සත්වයා බව විශ්වාස කල බලධාරීන් සත්වයාගේ හම යොදගෙන අනුරුවක් නිර්මාණය කර ගිරිතලේ වනජීවි කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. නමුත් මෑතදී වනජීවි කාර්යාලය විසින් දීප ව්‍යාප්තව සිදු කල කොටි පිලිබද ගවේෂණය මගින් මේ තොරතුරු සියල්ල වැරදි බවට තහවුරු කිරීමට ජීවමාන සාක්ෂි සොයාගැනීමට හැකිවුනා. මෙහිදී මෙම කලු කොටි ගැවසෙන බවට තොරතුරු වාර්තා වුනු ස්ථාන වල දුරස්ථ චලන සංවේදී කැමරා සවිකළ වනජීවී දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 වන දින ඔවුන් තවමත් ජීවමානව සිටින බවට තහවුරු කිරීම සදහා සාක්ෂි සටහන් කර ගැනීමට සමත් වී තිබෙනවා.
මෙම ඡායාරූප වලට අනුව ශ්‍රී ලංකානු කලු කොටියා තවමත් ඉතිහාසයට පමනක් සීමා වුනු ජීවියකු නොවන බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. මෙම කොටි පවුලට ගැහැණු සත්වයකු, පිරිමි සත්වයකු සහ පැටවුන් දෙදෙනෙකු අන්තර්ගත වෙනවා.
මෙම ගවේෂණය වනජීවි දෙපාර්තමේන්තුවේ වෛද්‍ය මාලක අබේවර්ධන සහ වෛද්‍ය මනෝජ් අකලංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙන අතර ඒ සදහා තාක්ෂණික සහාය ලබා දී තිබෙන්නේ එකෝ සිස්ටම් රිස්ච් නෙට්වර්වර්ක් සංවිධානය මගිනුයි.
Connect with us