ඔබේ නිවසට රැගෙන එළවළු සහ පළතුරු වලින් කොපමන ප්‍රමානයක් භාවිතයට ගත නොහැකි විදියට නාස්ති වෙලා අපතේ යනවද කියලා සිතලා බලන්න. නිවසට ගෙනාවයින් පසුව ඒවා නිසිලෙස ගබඩා නොකිරීම තමයි එහෙම වෙන්න ප්‍රධානම හේතුව. මෙහිදි ඔබ ජීවත් වන ප්‍රදේශයේ දේශගුණය ගැන සැලකිලිමත් වෙන එකත් ගොඩක් වැදගත්. මොකද ආහාර වල පරිනතියට ඒ කාරණයත් බලපානවා. වඩාත් උණුසුම් වගෙම වඩාත් සීතල ස්තාන සමහර එළවළු සදහා වඩාත් අවදානම්. ඉතින් අපි අද ඔබට කියලා දෙනවා එළවළු සහ පලතුරු පරිභෝජනයට ගන්නා තෙක් දිගු කාලයක් නැවුම්ව තියා ගන්න පුලුවන් සරල ක්‍රම කිහිපයක්.
ශිතකරණයෙන් පිටත තබන ආහාර.
1. කෙසෙල් ගෙඩියේ ඉහල කොටස ප්ලස්ටික් හෝ ඇලුමිනියම් ෆොයිල් එකකින් ඔතා තබන්න.
කෙසෙල් ඔවුන්ගේ කල් පිරීමේ සම්පූර්ණ කාලයේම එතිලීන් වායුව නිපදවයි. නමුත් කෙසෙල් ගෙඩියේ ඉහල කද කොටස ඇලුමිනියම් හෝ පොලිතින් ෆොයිල් එකකින් ඔතා තැබීම මගින් පලතුර ඉක්මනින් මෘදු කිරීම වලක්වනවා වගෙම අනෙක් කොටස් වෙත පැතිරීමද වලක්වනවා.
• එය දින 4-5 කෙසෙල් නැවුම්ව තබා ගැනීමට උපකාර කරයි.
2. ලූනු නයිලෝන් මලුවල බහා එකිනෙකාගෙන් ඈත් කර තබන්න.
අධික තෙතමනයකින් යුක්ත නිසා ලූනු ඉතාම ඉක්මනින් කුණු වීමට පුලුවන්. ඒනිසා ඒවා කුඩා ආලෝකයක් සහිත සිසිල් ස්තානයක තබා ගැනීම වැදගත්. ඒවගෙම නයිලෝන් මලුවල හෝ වෙනත් සිදුරු සහිත මලු වල බහා එකිනෙකාගෙන් වෙන්කර තැබීමෙන් ඔබට ඒවා දිගු කාලයක් නැවුම්ව තබා ගැනීමට පුලුවන්.
• මේ ආකාරයට ලූනූ මාස 6-8 දක්වා ගබඩා කර තබා ගත හැකියි.
3. සුදුළූනු අඩු ආද්‍රතාවයක් සහිත අඳුරු ස්තාන වලට වඩාත් කැමතියි.
සුදුළූනු ගබඩා කිරීමට ඇති හොඳම ක්‍රමය වෙන්නේ අඳුරු සහ වියළි ස්තානයක බහාලුමක හෝ කඩදාසික ඔතා තැබීමයි.
• මේ ආකාරයට ඔබට සුදුළූනු මාස 2ක පමන කලයක් ගඩබා කර තබා ගත හැකියි. නමුත් ඔබ සුදුළූනු බික් වෙන්කර තබනවා නම් එම කාලය දින 3-10 දක්වා කෙටි වෙනවා.
4. Parsley, cilantro, basil සහ asparagus: ඒවායේ කඳන් වතුර භාජනයක බහා කාමර උෂ්ණත්වයේ තබන්න. (සේදීම නොකර)
ඔබ මේවා ශීතකරණයේ ගබඩා කර තබන්නේ නැති නම් වතුර භාජනයක කඳන් ප්‍රදේශය පමනක් බහා තබන්න.
• හොද තත්වයක් යටතේ ඔබට ඒවා දින 4-5ක කාලයක් තබා ගත හැකිය.
5. අඳුරු හා සිසිල් ස්ථානයක අර්තාපල් ගබඩා කර තබන්න.
මේවා ප්ලස්ටික් බෑග් වල ගබඩා කර තැබීමෙන් වලකින්න. ඒ වෙනුවට ඒවා දැල් සහිත බෑගයක හෝ කඩදාසි බෑගයක තැන්පත් කර තබන්න. ඒවා කල්තබා ගැනීමට තවත් විකල්පයක් ලෙස ඇසුරුමේ පතුලේ කඩදාසියක් තබන්න. පරිපූර්ණ ගබඩා උෂ්ණත්වය 44ºF සිට 51ºF දක්වා වෙනස් වේ.
• නිසි ලෙස ගබඩා කර තැබීමෙන් අමු අර්තාපල් සති 1 සිට 2 දක්වා කල්තබා ගත හැකිය.
6. ඉදී නැති අලිගැට පේර පත්තර කදාසියකින් ඔතා කඩදාසි බෑගයක බහා තබන්න.
ඉදී නැති අලිගැට පේර ගෙඩි ශීතකරණයක ගබඩා කර තබනවා නම් ඒවායේ ඉදීමේ ක්‍රියාවලියත් සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඒ නිසා ඉදී නොමැති අලිගැට පේර ගෙඩි කඩදාසියක ඔතා කඩදාසි බෑගයක බහා තබන්න. ඉදීමේ වේගය වැඩි කර ගැනීමට වුවමනා නම් එම බෑගය තුල කෙසෙල් ගෙඩියක් තබන්න.
• බෑගයක තබනවා නම් : ඉදීමට දින 3-5 අතර කාලයක් ගත වේ.
• බෑගයකින් පිට තබනවා නම් : දින 7ක් පමන් ගත වේ.
• බෑගයක කෙසෙල් ගෙඩියක් සමග තබනවා නම් : දින 2-3ක් ගත වේ.
7. තක්කාලි ඒවායේ රසය සමග වඩා හොද පෙනුමකින් තබා ගැනීමට 50 ºC ට වැඩි උෂ්ණත්වයක් යටතේ ගබඩා කල යුතුය.
තක්කාලි ශීතකරණයේම තබා තිබෙන විට එම උෂ්ණත්වයේම පවතින නිසා ඒවාගේ රසය නැති වී යයි. එම නිසා කල යුතු හොදම දේ වෙන්නේ 50 ° F ට වැඩි උෂ්ණත්වයක් යටතේ ඒවා ගබඩා කර තැබීමයි.
• තක්කාලි මිලදී ගන්නා විට ඒවා ඉදී තිබෙන තත්වය මත පදනම්ව ගබඩා කිරීමේ කාලය සති 03 සිට මාස 2 දක්වා වෙනස් විය හැකිය.
ශීතකරණය තුල ගබඩා කරන විට.
8. හතු (නොසෝදා) parsley සමග කඩදාසි බෑගයක ගබඩා කර තබන්න.
පරිභෝජනයට ගන්නා තෙක් හතු වර්ග සේදීම නොකිරීමට මතක තබා ගන්න. ජලය සමග සම්බන්ධ වීමෙන් සම්පූර්ණයෙන්ම වියළීමට නොහැකි නිසා ආර්ද්‍රතාවය ජනනය විය හැකියි. එම නිසා කඩදාසි බෑගයක අසුරා parsley ශාක පත්‍ර කිහියපයක් එකතු කර තැබීම සුදුසුයි. එය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර ඉන් පසුව ශීතකරණය තුල ගබඩා කල යුතුය.
• ගබඩා කාලය: දින 3-5 දක්වා.
9. කඳන් ඉවත් කිරීමකින් තොරව ස්ට්‍රොබරි සුදු විනාකිරි තුල ගබඩා කර තබන්න.
ආහාරයට ගැනීමට පෙර පමනක් ස්ට්‍රොබරි සේදීම සුදුසුයි. එසේ නොවුනහොත් ජලය අවශෝෂණය වීමෙන් ඒවා ඉක්මනින්ම මෘදු වීමට සහ නරක් වීමට පුලුවන්. ස්ට්‍රොබරි ගබඩා කර තබනවා නම් 1:2 අනුපාතයෙන් විනාකිරි සහ ජලය යෙදු භාජනයක බහා තබන්න. කදන් ඉවත් කර තබනවා නම් වාතය නොයන බෑගයක බහා අධිශිතකරණය තුල පමනක් ගබඩා කර තබන්න.
• ශීතකරණයක් තුල : දින 5-6 කාලයක්.
• අධිශීතකරණයක් තුල : මාස 2-4 කාලයක්.
10. සලාද කොල, නිවිති, ගෝවා කොල ආදිය විෂබීජ හරණය කිරීමෙන් පසුව ගබඩාකර තබන්න.
ශීතල වතුර විශාල ප්‍රමානයක් තුල මුලින්ම මේ කොළ හොදින් සෝදා ගන්න. ශීතකරණයේ ගබඩා කිරීමට පෙර සම්පූර්ණයෙන්ම වියළීමට වග බලා ගන්න. ප්ලාස්ටික් ඇසුරුමක් හෝ වාතය නොයන බෑගයක තැන්පත් කරන්න. ඉතිරි ජලය ඉවත් කිරීම සදහා අවශෝෂක කඩදාසි වලින් ඔතා තබනවා නම් තවත් සුදුසුයි.
• ඔබ ඒවා නිසියාකාරව ගබඩා කර ඇත්නම්, හොද තත්වයක් යටතේ සති 1-2 කාලයක් තබා ගත හැකිය.
11. කපා ඉතිරි වූ ලෙමන් කල් තබා ගැනීමට ෆොයිල් කොලයක ඔතා හෝ ලුණු ඉස තබන්න.
සමහර අවස්තා වල අපි ලෙමන් එක් භාගයක් පමනක් භාවිතයට ගෙන ඉතිරි භාගය නොසලකා හරිනවා. නමුත් එසේ අපතේ යවනවාට වඩා ෆොයිල් කඩදාසියක එම භාගය ඔතා තැබීමට හෝ ලුනු ස්වල්පයක් ඉස ශීතකරණය තුල ගබඩා කර තැබීමට කටයුතු කරන්න. නැවත භාවිතයට පෙර හොදින් සේදීමට මතක තබා ගන්න.
• සම්පූර්ණ ගෙඩියක් : සති 2ක්.
• භාගයක් : රසය හෝ වර්ණය වෙනස් නොවී දින 3ක්.
12. දෙපලු කිරීමෙන් පසුව අලිගැටපේර ඔක්සිකරණය වීමට ඉඩ දෙන්න එපා.
දෙකට කැපු අලිගැටපේර ගෙඩියක කොල පැහැය පවත්වාගෙන යාමට සහ කළු පැහැයට හැරීම වැලැක්වීමට අලිගැටපේර භාගය මතට ලෙමන් බින්දු කිහිපයක් ඉසීම හෝ ආහාරයට ගත හැකි ඕනෑම තෙල් වර්ගයක් ගල්වා තැබීම සුදුසුයි.
• දින 1-2ක් පමන එහි වර්ණය නොනැසී පවත්වා ගත හැකියි.
13. කොටස් වලට කැපූ අර්තාපල් කල්තබා ගැනීමට ජලය සහ සුදු විනාකිරි භාජනයක බහා තබන්න.
අර්තාපල් කොටස් වලට වෙන්කල විට ඉක්මනින්ම එහි වර්ණය වෙනස් වීමට පටන් ගන්නවා. එම තත්වය වලක්වා ගැනීමට සුදු විනාකිරි බින්දු කිහිපයක් යෙදු භාජනයක බහා ශිතකරණය තුල ගබඩා කර තබන්න.
• ගබඩා කාලය: දින 3 සිට 4 දක්වා.
14. දැන්ටමත් ඉදී තිබෙන කෙසෙල් කල්තබා ගැනීමට අධි ශීතකරනයේ ගබඩා කර තබන්න.
ඉදුණු කෙසෙල් වඩාත් හොද තත්වයෙන් තබා ගැනීමට ලෙල්ල ඉවත් කර දෙකට කපා වාතය නොයන බෑගයක අසුරා අධි ශීතකරණයේ ගබඩා කර තබන්න.
• ඒවා මාස 2-3ක් පමන කල්තබා ගත හැකියි.
15. cilantro, parsley, basil හා අනෙකුත් ඖෂධ සහ ආහාරයට ගත හැකි ශාක කියුබ් ආකාරයෙන් කල්තබා ගන්න.
ඖෂධ ශාක වර්ග ශීතකරණය තුල කල්තබා ගැනීමට හැකි හොදම ක්‍රමය වන්නේ මෙයයි. මුලින්ම ඒවා හොදින් චොප් කර අයිස් කැට බහාලනයේ ගබඩා කරන්න. එයටම උණු කල බටර් හෝ පිරිසිදු ඔලිව් ඔයිල් ස්වල්පයක් එකතු කරන්න.
• ගබඩා කාලය: සති 2 සිට මාසයක් දක්වා.
බෝනස් : වර්ණ වල වැදගත්කම.
ලෝක සෞඛ්ය සංවිධානය (WHO) දිනපතා පලතුරු සහ එළවළු 400g ක් පමන ආහාරයට එකතු කර ගත යුතු බව නිර්දේශ කර තිබෙනවා. විවිධාකාරයේ රෝගාබාධ ඇති වීම වැලැක්වීමට වගෙම පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ලබා ගැනීම සදහාත් මෙම ආහාර වල විවිධාකාර පරිභෝජනය ඉතාම වැදගත්.
පළතුරු සහ එළවළු වල වර්ණ වලින් පෙන්නුම් කරන විශේෂ ලෂණ:
• කොල පැහැය: විටමින් A, C, K, ෆෝලික් අම්ලය, මැග්නීසියම්, කැල්සියම්, කෙඳි, සහ chlorophyll සපයයි. මෙම පෝෂ්‍ය පදාර්ථ වලට ස්තුතිවන්ත වෙන්න අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වී, පරිවෘත්තිය වේගවත් කර, දිරවීමේ වේගය පවත්වාගෙන යයි.
• රතු සහ දම්: හෘද රෝග සහ lycopene ඇති වීම වලක්වා පිළිකා සහ දියවැඩියා අවදානම අඩු කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතරම ඒවයේ අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් මතක ශක්තිය වැඩි දියුණු කරයි.
• තැඹිලි සහ කහ: විටමින් C බොහෝ ප්‍රමානයක් අඩංගුය. සම වැඩි දියුණු කර, ඇස් රෝග වලක්වා ඇතැම් පිලිකා සහ උණ රෝග ආදිය වලක්වයි.
• සුදු: ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන සෙලීනියම් වැනි ඛනිජ අඩංගු වන අතර, තරල රදවා තබා ගනිමින් පේශි ආරක්ෂා කිරීමද සිදු කරයි.
ඔබට සුබ දවසක්..
Connect with us