පහල දාල තියෙන පින්තුරෙන් ඔයා කැමති ගහක් තෝරාගන්න.ඊට පස්සේ බලන්න පහලින් තියෙන විස්තර වලින් ඔයා තෝරගත්ත ගහල අදාළ ඒවා ඔයාට ගැලපෙනවද කියලා.
මෙතනින් ඔන්න එහෙනම් බලාගෙන යන්න.
පළමු ගහ – ඔබ නිර්ලෝභී සදාචාරවත් පුදගලයෙක්.සෑම විටම හොඳම පුද්ගලයෙක් වෙන්නට උත්සහ කරනවා. උසස් තත්වයන් සහ බලාපොරොත්තු තමයි ඔබට තිබෙන්නේ.ඔයා මහන්සි වෙලා වැඩ කරනවා නමුත් ආත්මාර්ථකාමී නැහැ.ඔයාට මේ ලෝකය හොඳ තැනක් කරන්න අවශ්‍යයි.ඔබ කරන දේවල් අගය කරන්නේ බොහොම සුළු පිරිසක්.
දෙවන ගහ. – ඔබට හොඳ ස්වයන් විශ්වාසයක් තිබෙනවා.ඒ වගේම ඔබට සෑමවිටම වගකීම් භාර පුද්ගලයෙක් වෙන්න අවශ්‍යයි.ඔයාගේ ජිවිතේ ආදර්ශ පාඨය වෙන්නේ “මම ඒක මගේ විදිහට කරන්නම්” කියන එක.ඔයා ඔයා වෙනුවෙන් හාඅ ඔයා ආදරය කරන ඇය වෙනුවෙන් ශක්තිමත්ව ඉන්න උත්සහ කරනවා.ඔයා හැමවෙලම දන්නවා ඔයාට අවශ්‍ය මොකක්ද කියලා වගේම ඔයාගේ සිහින හඹා යන එක ඔයා නවත්තන් නැහැ ඒවා සැබෑ වෙනකල්.මිනිස්සුන්ට ඔයා ගරු කරන එක කාරනාව වෙන්නේ ඔවුන්ගේ අවංකත්වය. සෑම විටම සත්‍ය බලාපොරොත්තු වෙනවා.
තුන්වන ගහ. – කරුණාවන්තයි වගේම සංවේදියි. පහසුවෙන්ම මිනිස්සු එක්ක සම්බ්නධතා හදාගන්න පුළුවන්.ඔයාට යහළුවෝ ගොඩක් ඉන්නවා,ඔවුන්ගේ ජිවිත සතුටින් තියෙනවා දකින්න ඔබ කැමතියි.අන් ඇයට ඔබත් එක්ක ඉන්න එක පහසුයි.සෑම දිනකම ඔබ කල්පනා කරන්නේ ඉන්නවට වඩා හොඳට ජිවත් වෙන්නේ කොහොමද කියන එක ගැන.ඔයාට හැමදේකටම වඩා අවශ්‍ය වෙන්නේ ආදරය.ඔයා ඔයාට පෙරලා ආදරේ නොකරන කෙනෙක්ට උනත් ආදරේ කරන්න ලෑස්තියි.
සිව්වන ගහ – .ප්‍රඥාවන්තයි, කරුණාවන්තයි.ඔයාට නින්දා කරන්න කිසිම කෙනෙක් නැහැ.ඔයාව නිතරම වරදවා වටහා ගන්නවා වගේම එක නිසා නිතරම් ඔයාට සිත් රිදවීම් ඇති වෙනවා.ඔයාට ඔයාගේ නිර්මාන්ශිලිතාව වර්ධනය කරන්න ඕන ඒ වගේම ඔයාට පුද්ගලික අවකාශයක් නිතරම ඕන කරන පුද්ගලයෙක්.ඔයා ඔයාගේ ජිවිතේ හොඳ පැත්ත වගේම නරක පැත්ත හොඳින් දකින්න පුළුවන් කෙනෙක්.ඒ වගේම ඔයා හොදක් හැඟීම්බරයි.
පස්වන ගහ. – ඔයා ශක්තිවන්ත උද්ග්යෝගිමත් පුද්ගලයෙක්.ඔයා විනෝදජනක සහ අනිත් ඇයට සිනහ උපදවන්න කැමති කෙනෙක්.ඔයා අනිත් අයත් එක්ක සමගියෙන් ඉන්න කැමති කෙනෙක්.අවදානමක් බාර ගන්න කවදාවත් බෑ කියන කෙනෙක් නෙවෙයි.ඔයා සැම විටම සත්‍ය ඔයා වෙනුවෙන් තියාගන්න කෙනෙක්.
හයවන ගහ – සන්සුන් සතුටින් ජිවත් වෙන කෙනෙක්.කිසිම විමසා බැලීමකින් තොරව අන් අයට සවන් දෙන්නෙක්.හැම කෙනෙක්ටම එයාලගෙම කියලා ජිවිතයේ ගමනක් තියෙනවා ඔයා ඔයා තදින්ම විස්වාස කරනවා.ඔයා යමක් ගැන වද වෙන්නේ බොහොම කලාතුරකින් නිතරම නිස්කලංකව පාඩුවේ ඉන්න කෙනෙක්.ඔයාගේ ජිවිතේ ගමන කඩාකප්පල් කරන් ගන් නැතිව ඔයා නිතරම හොඳින් කාලය ගත කරන්න උත්සහ කරනවා.
මොකක්ද මේ ගැන ඔබේ අදහස බැනලා හරි Comment එකක් දාගෙන යන්න.
Connect with us