ගෙදර තියෙන පරණ දේවල් වලට අලුත් පෙනුමක් දෙන්න පුලුවන් සුපිරි ක්‍රම 13ක්


ගෙදර දොර එදිනෙදා භාවිතයට ගන්න දේවල් කාලයක් යන කොට පරණ වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි එහෙම වුනා කියලා ඒ දේවල් හැම එකක්ම ඉවත දාන්නවත් ඒගැන කලකිරෙන්නවත් ඕනේ නැහැ. පොඩි පොඩි උපක්‍රම ටිකක් භාවිතා කරලා මේ දේවල් වල පලුදු වුනු, අපිරිසිදු වුනු පෙනුම ඉවත් කරලා අලුත්ම අලුත් පෙනුමක් අරගන්න පුලුවන්. මෙන්න තියෙනවා ඒකට පොඩි රහස් ටිකක්…

1. කැපුම් පුවරු.


ලෙමන් යුෂ සහ ලුණු මිශ්‍ර කරපු මිශ්‍රණයකින් ස්පොන්ජ් කැබැල්ලක් පොගවලා ඔබේ කැපුම් පුවරුව හොදින් පිරිසිදු කර ගන්න.

2. තඹ භාජන.


ආහාර පිසීම සදහා තියෙන හොදම භාජන වර්ගය විදියට තඹ භාජන හදුන්වන්න පුලුවන්. ඉතින් මේ භාජන වලට අලුත් පෙනුමක් ලබා ගන්න ලුණු සහ විනාකිරි ඔබට උපකාර කර ගන්න පුලුවන්. මුලින්ම භාජනයේ මතුපිටට ලුණු ස්වල්පයක් ඉසලා ඉන් පසුව විනාකිරි ස්වල්පයකුත් වත් කරලා ස්පොන්ජ් එකක් ආදාරයෙන් තදින් අතුල්ලන්න.

3. පිඟන්.


පිඟන් මත තියෙන සීරීම් ඉවත් කරන්න පෝසිලේන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පොලිෂ් භාවිතා කරන්න.

4. බේකිං තැටි.


හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ සාමාන්‍ය සෝඩා භාවිතා කරලා බේකිං තැටි වල තියෙන පිලිස්සුනු ස්වභාවය ඉවත් කර ගන්න පුලුවන්. මෙම වර්ග දෙක එකිනෙක මිශ්‍ර කරලා එම තලපය බේකිං තැටි වල ගල්වලා මිනිත්තු 30ක් පමන තියෙන්නට හැර සෝදන්න.

5. කාපර්ට්.


2:1 අනුපාතයට ජලය සහ විනාකිරි මිශ්‍ර කරන්න. ඉන් පසු මෙම මිශ්‍රණය ස්ප්‍රේ බෝතලයකට දමා පැල්ලම මතට ස්ප්‍රේ කර තෙත් රෙදි කඩකින් ආවරණය කර තබන්න. ඉන් පසු ඔබේ ස්ත්‍රික්කය වාෂ්පාකාරයට සකසලා රෙදි කඩ මතින් තබලා තත්පර 30ක් පමන ඉන්න.

6. Cast-iron pans.


මේ සදහා උදුන මත භාවිත කල හැකි විෂබීජ නාශකයක්, අත්වැසුමක්, කසළ බෑග් සහ සුදු විනාකිරි අවශ්‍ය වෙනවා. මුලින්ම පැරණි Cast-iron pans එක මත විෂබීජ නාශක ඝන තට්ටුවක ආකාරයට අතුරන්න. එය වියලෙන්නට නොදී කසල බෑගයට දමා හොදින් බැද තබන්න. දින 2කට පමන පසු විෂබීජ නාශක ඉවත් කරන්න. ඉන් පසුව එම විශබීජ නාශකයෙන්ම තවත් තට්ටුවක් අතුරලා තවත් 1 දිනක් බෑගයට දමා හොදින් ගැටගසා තබන්න. ඉන් පසුව පිටතට ගෙන උණුසුම් වතුරෙන් සෝදා හරින්න. විනාකිරි සහ උණුසුම් ජලය 1:1 අනුපාතයට මිශ්‍ර කර පෑන් එක මතට දමා පැයක් පමන තිබෙන්නට හැර scouring pad එකක් මගින් හොදින් අතුල්ලන්න. ඉන් පසු එය වියලෙන්නට හැර 250°C පමන උෂ්ණත්වයක් යටතේ පැයක් පමන අවන් එක තුල උණුසුම් කර ගන්න. ඉන් පසු ප්‍රවේශමෙන් පිටතට ගෙන ඔලිව් තෙල් ස්තරයක් එය මතට දමන්න. උණුසුම්ව තිබෙන ලෝහය අවශ්ය තෙල් ප්‍රමානය උරා ගත් පසු වියළි රෙදි කඩක් ගෙන ඉතිරි වූ තෙල් වලින් පෑන් එක හොදින් පිරිසිදු කරන්න. ඉන් පසුව උඩු සහ යටිකුරු කරමින් නැවත අවන් එක තුල පෑන් එක රත් කර ගන්න. මිනිත්තු 15කින් පමන පිටතට ගෙන රෙදි කඩකින් නැවත හොදින් පිස දමන්න.

7. ටයිල්.


1:1 අනුපාතයකින් ජලය සමග බ්ලීච් මිශ්‍ර කර ටයිල් කැට අතර ප්‍රදේශය පිරිසිදු කර ගන්න. එය කරන අතරතුර කාමරයට වාතාශ්‍රය හොදින් සපයා ගැනීමට අමතක කරන්න එපා.

8. සුදු පැහැ සපත්තු.


පිඟන් සෝදන ද්‍රාවණ තේ හැදි 1, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේස හැදි 3 සහ බේකිං සෝඩා මේස හැදි 2ක් එකිනෙක මිශ්‍ර කර ඔබේ සුදු පැහැ සපත්තු වලට නව පෙනුමක් එකතු කර ගන්න.

9. සම් ගෘහභාණ්ඩ.


සෝෆා වල තිබෙන සිරීම් ඉවත් කිරීමට ඔලිව් ඔයිල් සහ බේබි ඔයිල් කපු කූරකින් එම ස්තාන වල ගල්වා පැයක් පමන වියලෙන්නට හරින්න. තවමත් සිරීම් ඉවත්ව නොයනවා නම් එම ක්‍රියාපටිපාටියම නැවත නැවත සිදු කරන්න.

10. microfibre upholstery සහිත ගෘහ භාණ්ඩ.


මෙම වර්ගයේ ගෘහ භාණ්ඩ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. මේවායේ තිබෙන පැල්ලම් සුදු පැහැ ස්පොන්ජ් එකක් සහ ඇල්කොහොල් භාවිතයෙන් පිසදමා ඉවත් කල හැකියි. ස්පොන්ජ් එක ඇල්කොහොල් වලින් පොගවා පැල්ලම් තිබෙන ස්තාන වල අතුල්ලා වියලෙන්නට හැර බුරුසුවක් ආදාරයෙන් එම ප්‍රදේශ පිරිසිදු කර ගන්න.

11. සම් බෑග්.


වෙට් විපෙස් භාවිතා කර පිසදැමීමෙන් සම් බෑග් මත තිබෙන පැල්ලම් ඔබට පහසුවෙන් ඉවත් කර ගත හැකියි.

12. තුවා.


සේදිමෙන් පසුව ලුණු වතුර එක් කිරීමෙන් තුවා වලට නව ජීවයක් ලබා දෙන්න පුලුවන්.

13. දත් බුරුසු.


පැරණි දත් බුරුසුවක විහිදි තිබෙන කෙදි එකතු කර නව පෙනුමක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඒ සදහා සරල ක්‍රමයක් තිබෙනවා. හොදින් උණුසුම් ජලය භාජනයකට වත් කර එය තුලට දත් බුරුසුව දමා කරකවන්න. පිටතට ගත් පසු විහිදී තිබෙන කෙදි එකට එකතු වී තිබෙන ආකාරය ඔබට බලා ගැනීමට පුලුවන්.

ඔබට සුබ දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
4
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
5
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
13
ලස්සනයි
විකාරයි විකාරයි
9
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
8
ඇඩෙනවා
වටිනවා වටිනවා
171
වටිනවා

ගෙදර තියෙන පරණ දේවල් වලට අලුත් පෙනුමක් දෙන්න පුලුවන් සුපිරි ක්‍රම 13ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!