හැම ප්‍රේම සම්බන්ධයකදිම කාන්තාවකගේ එකම ප්‍රාර්තනය වෙන්නේ තම පෙම්වතා තමන්ගේ පියා වගේ තමන්ව ආරක්ෂා කල යුතුයි කියලයි. ඒ වුනාට ගොඩක් අයට එහෙම සහකාරයන් හිමි වෙන්නේ නැහැ. අපි අද මේ කියන ඉගි වලින් ඔයාගෙ පෙම්වතා ඔයාව රකින කෙනෙක්ද නැත්නම් ඔහු ඔබේ ආදරය සමග සෙල්ලම් කරන කෙනෙක්ද කියලා හදුන ගන්න පුලුවන් වෙයි.
- තොරතුරු මතක තබා ගැනීම.
ඔහු ඔබ දෙදෙනාගේ හා ඔබේ වැදගත් දිනයන් මතක තබා ගෙන සිටිනවා නම් ඔහු ඔබව රකින කෙනෙක් වෙන්න පුලුවන්. මොකද ඔහුට ඔබව වටින නිසා හා ඔබ ගැන සැලකිලිමත් වෙන නිසයි ඔහු ඒ පුංචි දේවල් ගැන පවා සැලකිලිමත් වෙන්නේ.
- ඔබ ගැන ආඩම්බර වෙයි.
ඔහු ඔබව ඔහුගේ හිතවතුන්ට හදුන්වා දීමට ලැජ්ජා වෙන්නේ නැහැ. ඔබව ඔහුට ආඩම්බරයක් වගෙම ඔහුගේ ක්‍රියාවලින් එය පැහැදිලිව පෙනෙනවා.
- ඔහු ඔබව පරික්ෂාකරයි/ඔබව අමතයි.
ඔහු හැකි සෑම විටම ඔබව අමතමින් ඔබ පිලිබද සොයා බලයි නම් ඔබව පරික්ෂා කරයි නම් ඔබ හොදින් ඉන්නවා දැයි දැන ගැනීමට අව්‍යාජ උනන්දුවක් දක්වනවානම් එයින් අදහස් වෙන්නේ ඔහු සැබෑ රකින්නෙක් බවයි.
- ඔහුගේ යහළුවන් සමග සිටින විට ඔබට සුවපහසුවක් දැනෙයිනම්.
ඔහුගේ යහළුවන් සමග සිටින විට කරදරයකින් තොර පවුලක් වැනි හැගීමක් ඔබට දැනෙනවා නම් ඔහු හොද පුද්ගලයෙක්.
- අනිසි ලෙස හැසිරෙන්නෙක් නොවෙයි.
පොදු ස්තාන වලදි ඔබත් සමග අනිසි ලෙස හැසිරීමට නො එන පුද්ගලයෙක් නම් ඔබට ඔහු පිලිබද විශ්වාසය තැබිය හැකියි.
- සැබෑ මහත්මයෙක්.
ඔහු සැම විටම ආචාරශීලි වන අතර සැබෑ මහත්මයකු ලෙස ඇත්තටම හැදින්විය හැකි කෙනෙක් නම් ඔහු ඔබව රකින පුද්ගලයෙකුයි.
- ඔබේ මිතුරියන්ට ඔහු ගැන කීම නතරකල නොහැකි නම්.
ඔබේ ජිවිතයේ ඉදිරි කාලය ගත කිරීමට හොද සහකරුවෙකු ලැබී ඇති බවට ඔප්පු කිරීමට මෙය හොද සාධකයකි. ඔබේ යහළුවන් සමග ඔහු පිලිබද කතා කිරිමට ඔහුගේ හොද ගැන කීමට සිතෙනවා නම් ඔබට ලැබි ඇත්තේ ඔබව රකින අවංක සහකරුවෙකුයි.
- ඔහු නිතරම ඔබව පුදුම කරයි.
ඔබව පුදුම කිරීමට ලැබෙන කිසිම අවස්තාවක් ඔහු මගහරින්නේ නැතිනම්, හැකි හැම විටම ඔහුට හැකි පමන තෑගි වලින් හා වෙනත් රසවත් දේවලින් ඔබව පුදුම කරනවා නම් ඔහු ඇත්තටම ඔබේ සතුට බලාපොරොත්තු වෙන කෙනෙක් වෙනවා.
- ඔබ සාප්පු සවාරිය නිමා කරන තෙක් ඔහු බලා සිටිනවා.
ඔහු සාප්පු සවාරි යාමට කැමැත්තක් නොදක්වන කෙනෙක් වුනත් ඔබට කිසිවක් නොකියා ඔබ සාප්පු සවාරිය නිමා කරන තෙක් ඉවසීමෙන් බලා සිටිනවා නම් ඔහු ඔබේ කැමැත්තට ගරු කරන යහපත් පුද්ගලයෙක් වෙනවා.
- ඔහුට ඔබව විශ්වාසයි.
ඔහු සැම විටම ඔබ කෙරෙහි විශ්වාසය තබන, නිතරම ඔබෙන් නිදහසට කරුණු ඉල්ලා නොසිටින කෙනෙක් නම් ඔහු ඔබව රකින පුද්ගලයෙක් වෙනවා.
- ඔහු ඔබේ පවුල පුදුම කිරීමට කැමතියි.
ඔහු ඔබේ පවුලේ සාමාජිකයන් කෙරෙහි ඇත්තටම සිත් ඇදගන්නා කෙනෙක් නම්, ඔවුන් ගැන නිතරම සැලකිලිමත් වෙන, ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට කැමති කෙනෙක් නම් ඔහු ඔබට ගැලපෙනම සහකරුවායි.
- ඔහු ඔබට s3x සදහා කිසිදා බල නොකරයි.
නියම රකින්නා s3x සදහා කිසිදා බල නොකරන අතර ඔබ එම මනෝභාවයේ නොසිටින්නේ නම් ඔබව තේරුම් ගැනීමට සමත් වෙයි.
අදුර ගත්තා නේද රකින්නෙකුගෙයි ක්‍රීඩකයකුයි අතර තියන වෙනස? සැබෑ රකින්නෙක් ලබන්න නම් ඔබ වාසනාවන්ත වෙන්න ඕනේ වගෙම කාන්තාවක් විදියට ඔබේ පැත්තෙන් ඉටු විය යුතු දේවල් පිලිබදවත් සැලකිලිමත් වෙන්න ඕන. සුභ දවසක්
Connect with us