හා හා පුරා කියලා ආදරයක් පටන් ගද්දි ඕනම කෙනෙක්ගේ හිත් වල බලාපොරොත්තු රාශියක් ඇතිවෙනවා. ඒත් ඇත්තටම ඒ දේවල් එහෙමම වෙනවාද? අද අපි කතා කරන්නේ ඒ ගැන.
5.සබඳතාවක් ආරම්භයේදි ඕනේම කෙනෙක්ගේ බලාපොරොත්තු/ ආශාවන් තියෙනවා.
සම්බන්ධතාවයක් ආරම්භයේදි හැම වෙලාවේම ලොකු ප්‍රේමයක් තියෙනවා කියලා හිතන්න අමාරුයිනේ. මොකද එකටත් පුංචි කාලයක් ඕනි වෙනවා. ඉතින් හැමවෙලේම ආශාවන්ට මුලිකත්වය නොදි, අනෙක් කෙනාගේ ආරක්ෂාව, සෙනෙහස ගැනත් හිතන්න. මේ දේවල් එක්ක විශ්වාසයයි , කැපවීමයි එකතු වුනාම තමයි දිගුකාලින ආදර සම්බන්ධතා ඇතිවෙන්නෙ.
4.සතුටෙන් ඉන්න යුවළකට හැමවිටම තියෙන්නේ එක සමාන ආසාවන්
ඕනම කෙනෙක්ට එකිනෙකාගෙන් වෙනස් වෙන ආසාවන් හා විනෝදාංශ තියෙනවා.ඉතින් ඉතින් මේක අසතුටෙන් ඉන්න ,දුක් වෙන්න හේතුවක් ද? මෙතන වැදගත්ම දේ තමයි තේරුම් ගැනීම.මොකද, කිසිම කෙනෙක් 100% ක් සමාන නෑ.
3. සතුටෙන් ඉන්න යුවලක් කවදාවත් රණ්ඩු කරන් නෑ.
සාමාන්‍යයෙන් රණ්ඩු නොවි ඉන්න යුවළක් ගැන මොකද හිතන්නේ? එතන කිසි අලුත් බවක් නෑ. ස්මහරක් වෙලාවට මේ රන්ඩු ඇතිවෙන්නේ ආදරය නිසාමයි. අර කතාවක් තියෙන්නේ පුංචි පුංචි ආදර රණ්ඩු ජිවිතේ අලුත් කරවා කියලා.
2. සතුටෙන් ඉන්න යුවළක් නම් , අනෙක් කෙනාගේ නෑදයන්ටත් එක විදියට සළකනවා.
ඔබේ සහකරු හෝ සහකාරිය 100%ක්ම ඔබ විදියටම ඔබේ සමීපතයන්ට සළකයි කියන එක ප්‍රායෝගිකව නම් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙවේ. එහෙමයි කියලා තරහ ගන්න අවශ්‍ය නෑ. හොදින් තේරුම් ගත්තොත් මේ දේවල් සමබර කරගන්න එක හරි පහසු වැඩක්.
1.සතුටෙන් ඉන්න යුවළක් හැමවෙලාවේම ඉන්නේ එකට.
මෙකත් ඇත්තටම වෙන්න පුලුවන් දෙයක් නෙවේ. කොච්චර ආදරයක් තිබ්බත් දෙන්නට වෙන් වෙන්න වෙන වෙලාවලුත් තියෙනවා.ඒ රැකියාව නිසා වෙන්න පුළුවන් ,එහෙම නැත්තම් වෙනහ් එතුවක් වෙන්න පුලුවන්. ඉතින් තේරුම් ගැනීම තමයි වැදගත්ම දේ.
ඒ කරුණු 5ට අමතරව ඔන්න තව දෙයක් තියෙනවා.
අපි අංග සම්පූර්ණ යුවළක් කියලා හිතන්නේ චිත්‍රපටි වල දැන්වීම් වල දකින අය වගෙයි කියලා තමයි අපි හිතන් ඉන්නේ , ඒත් ඒක ප්‍රායෝගික ජිවිතයත් එක්ක ඒ තරම්ම ගැළපෙන්නේ නෑ.
ආදරය එහෙමයි, ගැලපිම් 100%ක් නැති වුණාට,තේරුම් ගැනීම.,කැපවීම හා විශ්වාසය අනිවාර්යයෙන්ම ඔබට දිගුකාලීන සම්බන්ධතාවයකට මඟ කියාවි. එහෙනම් සුභ දවසක්!
Connect with us